සජිත් තමන්ගේ අපේක්ෂාව ඉන්දියාවේ හෙළි කරයි [PHOTO]
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇත්තේ 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම තම අපේක්ෂාව බවයි.
මෙම ප්‍රකාශය සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉන්දියාවේ නිල සංචාරයක නිරතව ඉන්දීය ලෝක කටයුතු පිළිබඳ කවුන්සිලය අමතමින් පවසා ඇත.
ඉන්දියාවේ නිල සංචාරයක නිරත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නව දිල්ලියේ පැවති ඉන්දීය ලෝක කටයුතු පිළිබඳ කවුන්සිලයේ ප්‍රධාන දේශනයක් පවත්වනු ලැබූ අතර ඊට එරට මාධ්‍ය, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු පිරිසක් එක් වී ඇත.





