ලංකාවට මේ පාරනම් සුබයි වගේ
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි සදහන් කරන්නේ මේ වසරේ ජනවාරි සිට මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 19 ඉක්මවා ඇති බවයි.
ඒ අනුව 2025 ජනවාරි සිට නොවැම්බර් 5 දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,923,502ක් වේ.
ඒ අතරින් සංචාරකයින් 431,235ක් ඉන්දියාවෙන්, 177,167ක් එක්සත් රාජධානියෙන්, 138,061ක් රුසියාවෙන්, 119,415ක් ජර්මනියෙන් සහ 113,619ක් චීනයෙන් මෙරටට පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර තිබේ .
නොවැම්බර් ම මාසයේ 01 වනදා සිට 05 වනදා දක්වා කාලය තුළදී මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 32,815කි.
ශ්‍රී ලංකාවේ වාර්ෂික සංචාරක පැමිණීම 2016, 2017, 2018 හා 2024 යන වර්ෂයන් වල ලක්ෂ 20 සීමාව ඉක්මවා ඇත.
2025 වර්ෂයේද මෙලෙස සංචාරකයින් මෙරටට පැමිණීමේ වර්ධනය සංචාරක ක්ෂේත්‍රයේ සුවිශේෂී සංධිස්ථානයක් සළකුණු කරන්නක් ලෙසින් හැදින්විය හැකිය.