අද දිවයින පුරා පශු වෛද්‍යවරු වැඩකරන සියලු තැන්වල සේවා නවතියි - සංකේත වැඩවර්ජනයක්
2027 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින් අද (17) දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම සංගමයේ සභාපති වෛද්‍ය උපුල් රංජිත් කුමාර මහතා ප්‍රකාශ කළේ, සිය ඉල්ලීම්වලට බලධාරීන් විසඳුම් ලබා නොදුනහොත් ඉදිරියේ දී දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වීමට බලාපොරොත්තු වන බවයි.
උදෑසන 5.30ට අක්වාන් සුළිකුණාටුව දරුණු තත්ත්වයට.. සුළු මොහොතකට පෙර රටම බයෙන් සිටි නිවේදනය නිකුත් වෙයි
එසේම ඔහු වැඩිදුරටත් කියා සිටියේ,
"අද දින අපි දිවයින පුරා සියලුම රජයේ පශු වෛද්‍ය කාර්යාල, ඒ වගේම සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව, සත්ත්ව නිරෝධායන අංශ, රටේ සියලු තැන්වල පශු වෛද්‍යවරු වැඩකරන තැන්වල අපි එක්දින සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරනවා. මේක අපි සිදුකරන්නේ 2027ට නියමිත අයවැය යෝජනාවලියට අපි සම්බන්ධයෙන් කිසිම දීමනා වැඩිවීමක් හෝ අපි සම්බන්ධයෙන් කිසිම විදිය සහනයක් ලබාදීමක් සිදුවුයේ නෑ. ඒ නිසා තමයි අපි මේ ක්‍රියාමාර්ගය අරන් යන්නේ. ඒ වගේම මේ ගැන කිසිදු ක්‍රියාමාර්ගයක් රජය ඉදිරියේදීත් නොගන්නේ නම් 2027ට නියමිත සංවර්ධන කටයුතුවලින් අපි ඉවත් වෙනවා කියලා තීරණය කරලා තියෙනවා."
ලංකාවට සුනාමියක්ද? ඉන්දුනීසියාවට ආසන්න මුහුදේ ඇතිවූ ප්‍රබල භූ කම්පනයෙන් ලංකාවම සලිත වෙයි - විශේෂ නිවේදනයක්
කෙසේ වුවද සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක සිසිර වීරසිංහ මහතා ප්‍රකාශ කළේ, මෙවර අයවැය මඟින් සමෘද්ධි ක්ෂේත්රයට සහන රැසක් හිමි වූ බවයි.
එමෙන්ම මෙවර අයවැයෙන් දුම්රිය සේවය පිළිබඳ කිසිදු සැලකිල්ලක් දක්වා නොමැති බව ශ්‍රී ලංකා දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් එස්.ආර්.සී.එම්. සේනානායක මහතා සඳහන් කරයි.
මේ අතර වතු කම්කරුවන් වෙනුවෙන් මෙවර අයවැයෙන් ද සහන හිමිව ඇති බව සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ ලේකම් ජේ.එම්.ඒ. ප්‍රේමරත්න මහතා දන්වයි.