රටම හඬවා සමුගත් කාවන්තිස්සගේ වටිනාකම සහ අවසන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණයෙන් ඉල්ලයි

Report

මියගිය කාවන්තිස්ස දළ ඇතාගේ වෙළෙඳපොළ වටිනාකම සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් එළඹෙන නොවැම්බර් 25 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහව මහෙස්ත්‍රාත් අනුරුද්ධිකා සෙනෙවිරත්න නියෝග කර ඇති බව සඳහන්.

ඒ අනුව රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා මඟින් අදාළ වාර්තාව ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ගල්ගමුව වනජීවී කාර්යාලයේ වනජීවී අඩවි ආරක්ෂක චතුර ගුණරත්නට නියෝග කර ඇති බව වාර්තා වේ.

එසේම කාවන්තිස්ස ඇතාගේ අවසන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ද එදිනම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පී.පී.එම්.ඒ. විජේසුන්දරට නියෝග කර ඇත.

උදෑසන 5.30ට අක්වාන් සුළිකුණාටුව දරුණු තත්ත්වයට.. සුළු මොහොතකට පෙර රටම බයෙන් සිටි නිවේදනය නිකුත් වෙයි

උදෑසන 5.30ට අක්වාන් සුළිකුණාටුව දරුණු තත්ත්වයට.. සුළු මොහොතකට පෙර රටම බයෙන් සිටි නිවේදනය නිකුත් වෙයි

මෙම නියෝග ලෝක අලි ඇතුන් සුරැකීමේ සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ විජිත වික්‍රමනායක අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් නිකුත් කර ඇති බව සඳහන්.

එහිදී නීතිඥවරයා විසින් පෙන්වා දී ඇත්තේ විදුලිසැර වැදීමෙන් මියගිය දීගදන්තු එක ඇතාගේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 90ක් අශයෙන් රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව මීට පෙර තක්සේරු කර ඇති බවයි.

ලංකාවට සුනාමියක්ද? ඉන්දුනීසියාවට ආසන්න මුහුදේ ඇතිවූ ප්‍රබල භූ කම්පන‍යෙන් ලංකාවම සලිත වෙයි - විශේෂ නිවේදනයක්

ලංකාවට සුනාමියක්ද? ඉන්දුනීසියාවට ආසන්න මුහුදේ ඇතිවූ ප්‍රබල භූ කම්පන‍යෙන් ලංකාවම සලිත වෙයි - විශේෂ නිවේදනයක්

මේ අතර නීතිඥවරයා, කාවන්තිස්ස ඇතා පශු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඖෂධ විෂ වීමක් නිසා එම මරණය සිදුවූ බවට සමාජයේ පවතින මතය පිළිබඳව ද අධිකරණයේ අවධානය යොමු කරන ලෙස ඉල්ලා ඇත.

එසේ වුවත් ඇතාගේ මරණයට නිශ්චිත හේතුව අවසන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු වීමට නියමිත වේ.

එසේම කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිපුණතා සංවර්ධන නිලධාරියකු ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි.

ලක්ෂ 4ට වඩා අඩු වුණ අද කැරට් 24 රන් පවුමක මිල - රන් වෙළඳපොළ උණුසුම් කරන අද රන් මිල ගණන් මෙන්න

ලක්ෂ 4ට වඩා අඩු වුණ අද කැරට් 24 රන් පවුමක මිල - රන් වෙළඳපොළ උණුසුම් කරන අද රන් මිල ගණන් මෙන්න