වාහන පහක් එකට හැප්පෙයි - බිහිසුණු අනතුරක් - පහක් මූලික රෝහලට
හෝමාගම මූලස්ථාන පොලිසිය පවසන්නේ අද (16) පස්වරුවේ හොරණ කොට්ටාව මාර්ගයේ මත්තේගොඩ හන්දිය ආසන්නයේදී සුඛෝපභෝගී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන යතුරුපැදි තුනක සහ ත්‍රීරෝද රථයක ගැටී අනතුරක් සිදුව ඇති බවයි.
පොලිසිය සඳහන් කරන්නේ අනතුරින් බරපතළ තුවාල ලැබූ පස්දෙනකු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් දෙදෙනෙකුගේ පාද බිඳී ඇති බවයි.
වැඩිදුරටත් පොලිසිය වාර්තා කරන්නේ හොරණ දෙස සිට කොට්ටාව දෙසට අධික වේගයෙන් ධාවනය වූ සුඛෝපභෝගී මෝටර් රථයක් මත්තේකට හන්දිය ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන කොට්ටාව දෙස සිට හොරණ දෙසට ධාවනය වෙමින් තිබූ යතුරුපැදි තුනක හා ත්‍රී රෝද රථයක ගැටී ඇති බවයි.
පොලිසිය සඳහන් කළේ අනතුරට පත්වූ යතුරුපැදි දෙකකට බරපතල හානි සිදුව ඇති අතර ත්‍රීරෝද රථයට ද හානි සිදුව ඇති අතර අනතුරට හේතුව මෝටර් රථයේ රියැදුරුට නින්ද යාම බවට මූලික විමර්ශනවලදී අනාවරණවී ඇති බවයි.
නැවෙන් බාන ගානට ඉන්ධන මිල දුන්නොත් මීට වඩා තෙල් මිල වැඩිවෙනවා - ඉන්ධන මිල ගැන ඇමති සරත්ගෙන් පැහැදිලි කිරීමක්
සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හෝමාගම මූලස්ථාන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.