ලංගම වෙනුවෙන් අති විශාල මුදලක් වෙන් කරලා - ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය මෙවර අයවැයට චෝදනා එල්ල කරයි

Report

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න චෝදනා කරන්නේ මෙවර ජනාධිපතිවරයා ගෙනා අයවැයෙන් පෞද්ගලික බස් කර්මාන්තය සඳහා කිසිදු සහනයක් ලබාදී නොමැති බවයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ ජනාධිපතිවරයා ලංගම වෙනුවෙන් අති විශාල මුදලක් වෙන් කරලා තිබෙන බවටත්, එහෙම කරන එක ලොකුම විනාශයක් බවත් ඒ අයුරින් වෙන් කරන මුදල් අපගේ බදු සල්ලි නිසා ඒවා වැරදි විදිහට යොදවන එකත් වැරදි බවයි.

ක්‍රෙඩිට් කාඩ් ගැන මහ බැංකුවෙන් නිවේදනයක් - වියදම් කරා වගේ නෙමෙයි ණය මුදල් අහස උසට

ක්‍රෙඩිට් කාඩ් ගැන මහ බැංකුවෙන් නිවේදනයක් - වියදම් කරා වගේ නෙමෙයි ණය මුදල් අහස උසට

ඔහු වැඩිදුරටත් චෝදනා කරන්නේ වාර්ෂික දළ දේශීය නිෂ්පාදනයට 10% – 12% අතර ප්‍රමාණයකින් දායකත්වය දක්වන කර්මාන්තකරුවෝ විදිහට පෞද්ගලික බස් කර්මාන්තයට මෙවර අය වැයෙන් කිසිම සහනයක් ලබාදී නොමැති බවටත්, හැමදේම ගණන් ගිහිල්ලා තියෙන වාතාරණයක රජයෙන් තමන්ට කිසිම සහනයක් නොමැති බවත්ය.

පසුගිය ආණ්ඩුවල නං තමන් එක්ක සාකච්ඡාවක් හරි තැබු බවත්, මේ රජයෙන් එසේ නොකරන බවත් ගැමුණු විජේරත්න තවදුරටත් සඳහන් කරයි.

හෙට දරුණු සුළි කුණාටුවක් - මුළු ලංකාවටම වලංගු වන පරිදි අනතුරු නිවේදනය නිකුත් කෙරේ

හෙට දරුණු සුළි කුණාටුවක් - මුළු ලංකාවටම වලංගු වන පරිදි අනතුරු නිවේදනය නිකුත් කෙරේ