උදෑසන 5.30ට අක්වාන් සුළිකුණාටුව දරුණු තත්ත්වයට.. සුළු මොහොතකට පෙර රටම බයෙන් සිටි නිවේදනය නිකුත් වෙයි
අද(17) දින සඳහා කාලගුණ අනාවැකිය උදෑසන 05.30 ට නිකුත්කර ඇත. ඒ අනුව එහි දැක්වෙන්නේ ගිනිකොනදිග බෙංගාල බොක්ක සහ ඊට යාබද නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය 'සුළි කුණාටුවක්' දක්වා වර්ධනය වී ඇති අතර එය “Akvan” (අක්වාන්) වශයෙන් නම්කර ඇති බවයි.
මෙම පද්ධතිය 2026 නොවැම්බර් මස 16 වන දින රාත්‍රී 11.30 පමණ වන විට උතුරු අක්ෂාංශ 12.2° සහ නැගෙනහිර දේශාංශ 85.7° ආසන්නයේ, ත්‍රිකුණාමලය සිට කි.මී. 640 ක් පමණ දුරින් කේන්ද්‍රගතව පැවතුණ බවත් එය තවදුරටත් උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින්, අද(17) දින ප.ව. 05.30 පමණ වන විට බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී දරුණු සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වීමට ඉතා වැඩි ඉඩකඩක් පවතින බවත් සඳහන්.
පසුව මෙම පද්ධතිය වයඹ දෙසට ගමන් කරමින්, නොවැම්බර් මස 19 වන දින පෙ.ව. 05.30 පමණ වන විට ඉතා දරුණු සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වීමට ඉඩ ඇති බව වාර්තා වේ.
තවදුරටත් වයඹ දෙසට ගමන් කරමින්, මෙම පද්ධතිය 2026 නොවැම්බර් මස 20 වන දින දහවල් 11.30 පමණ වන විට, ඉතා දරුණු සුළි කුණාටුවක් වශයෙන් ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් සහ යනාම් වෙරළ තීරයේ නෙල්ලෝර් සහ ටුනි අතරින් ඉන්දියානු වෙරළ හරහා ගමන් කිරීමට ඉඩ ඇති බව අඳාළ නිවේදනයේ දැක්වේ.
එසේම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වෙන බවත් ඌව පළාතෙත් අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් සඳහන්.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.