දකුණු අප්‍රිකාවේ දෙදරයි - ස්ථාන දෙකක සිදුවූ වෙඩි තැබීම් දෙකක් - පුද්ගලයින් 17ක් ජීවිතක්ෂයට

Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ දකුණු අප්‍රිකාවේ ස්ථාන දෙකක සිදුවූ වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

එරට ක්වාසුලු-නටාල් (KwaZulu-Natal) පළාතේදී කුඩා බස් රථයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පිරිමි පුද්ගලයින් අට දෙනෙකු මියගොස් ඇත.

හෙට දරුණු සුළි කුණාටුවක් - මුළු ලංකාවටම වලංගු වන පරිදි අනතුරු නිවේදනය නිකුත් කෙරේ

හෙට දරුණු සුළි කුණාටුවක් - මුළු ලංකාවටම වලංගු වන පරිදි අනතුරු නිවේදනය නිකුත් කෙරේ

ඉන් සුළු වේලාවකට පසු බටහිර ප්‍රිටෝරියා (Pretoria) ප්‍රදේශයේ නිවසක් තුළ වෙඩි වැදී මියගොස් සිටි තවත් පුද්ගලයින් නව දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම සිදුවීම් දෙක අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව දකුණු අප්‍රිකානු බලධාරීන් තහවුරු කර ඇති අතර, වෙඩි තැබීම්වලට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.

මිල වැඩි කළ ලාෆ්ස් ගෑස් සමාගමට රජයෙන් විශේෂ නියෝගයක් - හෙට වෙන්න යන දේ මෙන්න

මිල වැඩි කළ ලාෆ්ස් ගෑස් සමාගමට රජයෙන් විශේෂ නියෝගයක් - හෙට වෙන්න යන දේ මෙන්න