සයිබර් මූල්‍ය වංචා මැඩලීමට FBI විශේෂ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට

Report

සයිබර් තාක්ෂණය භාවිතයෙන් සිදු කෙරෙන මූල්‍ය වංචා මැඩලීමට සහ දේශසීමා ඉක්මවා ක්‍රියාත්මක වන අපරාධ ජාලවල මෙහෙයුම් අඩපණ කිරීම සඳහා අමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ විශේෂ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි.

ශ්‍රී ලංකා බලධාරීන්ගේ ඉල්ලීමක් මත FBI ආයතනයේ චාලට් ක්ෂේත්‍ර කාර්යාලයට අනුයුක්ත මෙම කණ්ඩායම අද (16) සිට ලබන 22 වැනිදා දක්වා කොළඹ රැඳී සිටිමින් මෙරට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් සමඟ එක්ව කටයුතු කිරීමට නියමිත බව එම නිවේදනයේ දැක්වේ.

සුළු මොහොතකට පෙර ආනන්ද පාලිත අත්අඩංගුවට - ඛනිජ තෙල් වෘත්තිය සමිති ක්‍රියාකරු පොලිසියට

සුළු මොහොතකට පෙර ආනන්ද පාලිත අත්අඩංගුවට - ඛනිජ තෙල් වෘත්තිය සමිති ක්‍රියාකරු පොලිසියට

මෙම සංචාරය අතරතුර ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බවට සැක කෙරෙන සයිබර් වංචා මධ්‍යස්ථාන සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක විමර්ශන සඳහා FBI නිලධාරීන් විසින් විශේෂිත තාක්ෂණික දැනුම ලබා දෙනු ඇත.

එමෙන්ම විමර්ශන ක්‍රමවේද, ඩිජිටල් සාක්ෂි විශ්ලේෂණය සහ නඩු විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් ද ඔවුන් මෙරට නිලධාරීන් සමඟ ඒකාබද්ධව කටයුතු කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති එරික් මයර් මහතා ප්‍රකාශ කළේ, විදේශ රටවල ක්‍රියාත්මක වන අපරාධ ජාල ඩොලර් බිලියන ගණනක් සොරකම් කරමින් සිටින බවත්, එම ජාල නැවැත්වීමට අමෙරිකාව කැපවී සිටින බවත්ය.

FBI ආයතනයේ විශේෂඥ දැනුම සහ උසස් තාක්ෂණය ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ එක්ව යොදා ගැනීමෙන්, අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ඒමටත්, තවදුරටත් අමෙරිකානුවන් සහ ශ්‍රී ලාංකිකයන් මෙම වංචාවලට ගොදුරු වීම වැළැක්වීමටත් හැකි වනු ඇති බව තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඵෙතිහාසික දෙවිනුවර උපුල්වන් ශ්‍රී විශ්ණු මහා දේවාලයට වැඩබලන බස්නායක නිලමේ පත්වෙයි

ඵෙතිහාසික දෙවිනුවර උපුල්වන් ශ්‍රී විශ්ණු මහා දේවාලයට වැඩබලන බස්නායක නිලමේ පත්වෙයි

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ද සහාය ඇතිව ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ මඟින් සයිබර් අපරාධ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා භූමිය යොදා ගැනීම වැළැක්වීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් වනු ඇති බව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් අවධාරණය කරයි.