ආයේ ජනවාරි වෙනකල් බිත්තර කනවා බොරු - බිත්තර මිල යළි ඉහළට - නවතම මිල මෙන්න

Report

මේ වන විට වෙළෙඳපොළේ බිත්තර මිල ගණන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ඒ උත්සව සමයත් සමඟයි.

ඒ අනුව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ ලේකම් අනුරසිරි මාරිසිංහ මහතා ප්‍රකාශ කළේ, මේ වන විට වෙළෙඳපොළ තුළ රුපියල් 42ත් 45ත් අතර මිලකට බිත්තර අලෙවි වන බවයි.

එයට බිත්තර නිෂ්පාදන පිරිවැය ඉහළ යාම සහ ඉල්ලුම ඉහළ යාම හේතු වී ඇති බව ලේකම්වරයා සඳහන් කරයි.

ලක්ෂ 4ට වඩා අඩු වුණ අද කැරට් 24 රන් පවුමක මිල - රන් වෙළඳපොළ උණුසුම් කරන අද රන් මිල ගණන් මෙන්න

ලක්ෂ 4ට වඩා අඩු වුණ අද කැරට් 24 රන් පවුමක මිල - රන් වෙළඳපොළ උණුසුම් කරන අද රන් මිල ගණන් මෙන්න

ඒ අනුව අනුරසිරි මාරසිංහ මහතා ප්‍රකාශ කළේ,

"අධික වර්ෂාව නිසා දේශගුණික තත්ත්වය වෙනස් වුණා. ඒකෙන් 80%ක් විතර නිෂ්පාදනය කළ සත්තු 50 % - 60%ට අඩුවුණා. අනික පහුගිය ටිකේ සත්ත්ව නිෂ්පාදනයට අවශ්‍ය බඩඉරිඟු වගේ අමුද්‍රව්‍ය මිලත් ඉහළ ගියා. ඒ නිසා නිෂ්පාදන වියදම වැඩිවෙලා. ඒ නිසා ඉදිරියේ පැවැත්වෙන උත්සව සමය නිසා බේකරි නිෂ්පාදනවල වැඩ පටන් ගෙන තියෙනවා. ඒ නිසා බේකරිවලටත් බිත්තර වැඩිපුර යනවා. මේ නිසා තමයි බිත්තර මිල වැඩි වීමක් තියෙන්නේ. ඉල්ලුම හා සැපයුම නිසා මිල වැඩිවීමක් මිසක් කෘත්‍රීම මිල වැඩිවීමක් අපිට පේන්නේ නෑ."

එමෙන්ම මෙම බිත්තර මිල ඉහළ යාම එළඹෙන වසරේ ජනවාරි මාසය දක්වා පැවතිය හැකි බව සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා කියා ඇති බව සඳහන්.

උදෑසන 5.30ට අක්වාන් සුළිකුණාටුව දරුණු තත්ත්වයට.. සුළු මොහොතකට පෙර රටම බයෙන් සිටි නිවේදනය නිකුත් වෙයි

උදෑසන 5.30ට අක්වාන් සුළිකුණාටුව දරුණු තත්ත්වයට.. සුළු මොහොතකට පෙර රටම බයෙන් සිටි නිවේදනය නිකුත් වෙයි

මේ ලග්නවලට අද හදිසි ධන ලාභ සහ අලුත් ආදායම් මාර්ග පෑදෙන ඉතා වාසනාවන්ත දවසක්

මේ ලග්නවලට අද හදිසි ධන ලාභ සහ අලුත් ආදායම් මාර්ග පෑදෙන ඉතා වාසනාවන්ත දවසක්