සීතල වායු ධාරා හේතුවෙන් බ්‍රිතාන්‍යයේ කහ කාලගුණ අනතුරු ඇඟවීමක් නිකුත් කරයි

Report

ආක්ටික් කලාපයෙන් පැමිණෙන සීතල වායු ධාරාවක් හේතුවෙන් බ්‍රිතාන්‍යයේ උෂ්ණත්වය ශීඝ්‍රයෙන් පහළ යමින් පවතින අතර, හිම පතනය සහ මාර්ගවල අයිස් තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පිළිබඳ කහ කාලගුණ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හෙට (17) අලුයම් කාලයේ සිට බ්‍රිතාන්‍යයේ උතුරු ප්‍රදේශවලට බලපාන පරිදි මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක වන බවයි.

හෙට දරුණු සුළි කුණාටුවක් - මුළු ලංකාවටම වලංගු වන පරිදි අනතුරු නිවේදනය නිකුත් කෙරේ

හෙට දරුණු සුළි කුණාටුවක් - මුළු ලංකාවටම වලංගු වන පරිදි අනතුරු නිවේදනය නිකුත් කෙරේ

ඉදිරි දින කිහිපය තුළ උතුරු ප්‍රදේශවල කඳුකර සහ උස්බිම් ආශ්‍රිතව හිම පතනයක් අපේක්ෂා කරන අතර, අයිස් තත්ත්වය හේතුවෙන් මාර්ගවල ගමනාගමනයට ද බලපෑම් ඇතිවිය හැකි බව සඳහන් වේ.

මේ අතර, උතුරු එංගලන්තයේ ඇතැම් ප්‍රදේශ සඳහා නිකුත් කර ඇති සීතල කාලගුණය සම්බන්ධ සෞඛ්‍ය අනතුරු ඇඟවීම් ද බ්‍රහස්පතින්දා පෙරවරු 9 දක්වා ක්‍රියාත්මක වේ.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් සුපිරි වැඩක් - ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට

ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් සුපිරි වැඩක් - ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට

කෙසේ වෙතත්, දකුණු බ්‍රිතාන්‍යයේ මෙම සීතල කාලගුණ තත්ත්වය වැඩි කාලයක් නොපවතිනු ඇති අතර, සතියේ මැද භාගය වනවිට එම ප්‍රදේශවල උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ යනු ඇතැයි කාලගුණ අනාවැකි පළ කර ඇත.