කළු දුම පිට කරන වාහන වලට වැඩ වරදී. - පැමිණිලි කිරීමට දුරකථන අංකයක්.

Sri Lanka Government Of Sri Lanka Department of Motor Vehicles
By Wayomi Oct 05, 2023 05:10 PM GMT
Wayomi

Wayomi

Report

වායු විමෝචන අරමුදල විසින් කළු දුමාරය පිට කරන වාහන වැටලීමට නව වැඩපිළිවෙළක් දියත් කර තිබෙනවා.

ඒ අනුව අධික ලෙස දුමාරය පිට කරන ලොරි බස් රථ ඇතුළු වාහන සම්බන්ධයෙන් වායු විමෝචන අරමුදලේ 070 - 3500 525 යන වට්ස්ඇප් අංකයට ඕනෑම අයකුට පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.

මෙහිදී මාර්ගයේදී කළු දුමාරය පිට කරන වාහනය ඡායාරූපයක්,වාහන ගමන් කරමින් තිබෙන ස්ථානය සහිතව ඉහත අංකයට වට්ස්ඇප් පණිවිඩයක් යොමුකිරීමෙන් අදාළ වාහනයට විරුද්ධව පියවර ගැනීමට වාගේ විමෝචන අරමුදල කටයුතු කරන බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසන්නේ.

එම නීති පිළිනොපදින අදාල වාහන වල ආදායම් බලපත්‍රය අසාදු ලේඛනගත කිරීමට කටයුතු කරන බව ද, එලෙස අසාදු ලේඛන ගත කෙරෙන වාහන වෙනත් අයකුට විකිණීම හෝ පැවරීම ද කළ නොහැකියි. 

දත්ත වාර්ථා වලට අනුව මේ මෙරට මාර්ගවල දිනපතා වාහන ලක්ෂ 70 ක් පමණ ධාවනය වන අතර ඉන් කොළඹ නගරයේ පමණක් දෛනිකව ධාවන වන වාහන සංඛ්‍යාව මිලියනයක් පමණ වනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, මෙම සමස්ත වාහන අතුරින් 30% ක් පමණ කළු දුමාරය පිට කරන බවට අනාවරණය වී ඇති බවයි.

ReeCha