බදු සහනය මත සුඛෝපභෝගී වාහන ගෙන්වීමෙදී සිදු වූ දෙයක් ගැන විශේෂ හෙළිදරව්වක්..

Sri Lanka Politician Electric Vehicle Sri Lanka Customs Department of Motor Vehicles vehicle imports sri lanka
By Aruna May 09, 2024 05:51 PM GMT
Aruna

Aruna

Report

සුඛෝපභෝගී වර්ගයේ වාහන 1,728ක් ආනයනය කිරීමේදී අඩු වටිනාකම් පෙන්වීම තුළින් බරපතළ රේගු වංචාවක් සිදුවී ඇති ආකාරයක් පෙනී යන හෙයින් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා අභියාචනාධිකරණය විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අවසර ලබාදී තිබෙන පුවතක් වාර්තා වනවා.

ඒ, 2011 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ රජයේ නිලධාරින් වෙනුවෙන් නිකුත් කරන ලද තීරු බදු සහන බලපත්‍ර යටතේ ගෙන්වූ වාහන සම්බන්ධයෙන් බවයි පැවසෙන්නේ.

වාහන මෙරටට ආනයනය කිරීමේ අලුත් ක්‍රමවේදය මෙන්න..අධියර 04ක් හදුන්වා දෙයි..

වාහන මෙරටට ආනයනය කිරීමේ අලුත් ක්‍රමවේදය මෙන්න..අධියර 04ක් හදුන්වා දෙයි..


මෙම තීන්දුව ලබාදී ඇත්තේ, ශ්‍රී ලංකා රේගුව විසින් සිදු කරනු ලබන අදාළ විමර්ශනය අභියෝගයට ලක් කරමින් පුද්ගලික සමාගමක් විසින් ගොනු කළ රිට් පෙත්සමක් නිෂ්ප්‍රභා කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාගේ එකඟත්වය සහිතව අභියාචනාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසිනි.