රාජ්‍ය නිලධාරීන්ට වාහන පර්මිට්?. - ලැබෙන්නේ මෙහෙමයි. - රජයෙන් ගත් අලුත්ම තීරණය මෙන්න.

Government Of Sri Lanka vehicle imports sri lanka
By Wayomi May 06, 2024 10:33 AM GMT
Wayomi

Wayomi

Report

රජය විසින් ලබාදෙන වාහන සම්බන්දයෙන් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ, අනුව විශ්‍රාම ගිය රාජ්‍ය නිලධාරීන්, පළාත් රාජ්‍ය නිලධාරින් සහ අධිකරණ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට නියමිතයි.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා ඊට අදාලව නිකුත් කළ චක්‍රලේඛයේ දැක්වෙන්නේ, අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කර පසුව එය අවුරුදු 60 දක්වා අඩු කිරීමත් සමග එම කාලය තුළ වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් පසු විශ්‍රාම ගිය නිලධාරීන් සඳහා මෙම තීරුබදු සහනය ලබාදීමට නියමිත බවයි.

එමෙන්ම මාර්තු 11 වන දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා නිකුත් කළ චක්‍රලේඛයේ දැක්වෙනවා.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රිවරු හා ඇමතිවරු බොහෝ පිරිසක් ද තීරු බදු රහිත වාහන ගෙන්වීමට අවසර ලබාදෙන ලෙසට කතානායකවරයාගෙන් පසුගිය දා ඉල්ලීමක් කර තිබුනා.  

...........................................................................

May you Like