අලුත් QR ගන්න වාහන හිමියන් මෝටර් රථ දෙපාර්තමේන්තුව වට කරයි
ඉන්ධන සඳහා QR කේතයක් ලබා ගැනීම සඳහා වාහනවල අයිතිය තහවුරු කිරීමට බොහෝ වාහන හිමියන් මෝටර් රථ දෙපාර්තමේන්තුවට රොක් වීම ආරම්භ වී ඇති බව වාර්තා වේ.
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මේ බව සඳහන් කර ඇති අතර, මෑත දිනවල වාහන අයිතිය තහවුරු කිරීම සඳහා දෙපාර්තමේන්තුවට පැමිණෙන පුද්ගලයින් සංඛ්‍යාව දැඩි ලෙස ඉහළ ගොස් ඇති බව ඔහු පැවසීය.
QR කේත නිකුත් කිරීමේ ක්‍රියාවලිය සමඟ මෝටර් රථ දෙපාර්තමේන්තුවට සෘජු සම්බන්ධයක් නොමැති බවත්, ආදායම් බලපත්‍රය මත පදනම්ව පළාත් මට්ටමින් මෙම තොරතුරු සපයන බවත් ඔහු පැහැදිලි කළේය.
ප්‍රමුඛතාව මත මේ අයට පළමුව තෙල් දීමේ විශේෂ වැඩපිළිවෙළක් - වහාම ඔබේ තොරතුරු ලබා දෙන්න - රජයෙන් නිවේදනයක්
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වාහන මිලියන 9ක් පමණ වුවද, මාර්ගවල ධාවනය වන වාහන පිළිබඳ විස්තර පළාත් මට්ටමින් ආදායම් බලපත්‍රය නිකුත් කර ඇති ආයතනවලින් ලබා ගත හැකි බවත්, QR කේතය නිකුත් කිරීම එම තොරතුරු මත පදනම්ව සිදු වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම තත්ත්වය හේතුවෙන් දෙපාර්තමේන්තුවේ සේවාවන්ට බරපතළ පීඩනයක් එල්ල වී ඇති අතර, වාහන හිමියන්ට අවශ්‍ය ලියකියවිලි ලබාගැනීමේදී බාධා ඇති වී ඇති බව ද වාර්තා වේ.