මැදපෙරදිග නැවතත් උණුසුම් වෙයි - ශ්‍රී ලංකන් ගුවන් ගමන් හදිසියේම අවලංගු කෙරේ

Report

මැදපෙරදිග නැවත ඇවිළුණු ආතතීන් හේතුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ මැදපෙරදිග රටවලට යන ගුවන් ගමන් කිහිපයක් හදිසියේ අවලංගු කර ඇති බව ගුවන් සේවය නිල වශයෙන් නිවේදනය කළේය.

ඒ අනුව, කොළඹ-ඩුබායි UL231/UL232 ගුවන් ගමන් අද (19) සහ හෙට (20) අවලංගු කර ඇත. කොළඹ-ධම්මාම් UL253/UL254, කොළඹ-දෝහා UL217/UL218 සහ කොළඹ-කුවේට් UL229/UL230 ගුවන් ගමන් 28 වැනිදා දක්වා අවලංගු කර ඇත.

ගුවන් ගමන් තත්ත්වය පිළිබඳ නවතම තොරතුරු සඳහා ගුවන් සේවයේ නිල වෙබ් අඩවිය සහ සමාජ මාධ්‍ය වේදිකා නිතිපතා පරීක්ෂා කරන ලෙස මගීන්ට උපදෙස් දී ඇත.

තත්ත්වය නරකයි - පැය ගාණකින් තෙල් මිල වැඩිවෙලා

තත්ත්වය නරකයි - පැය ගාණකින් තෙල් මිල වැඩිවෙලා

සංචාරක වෙන්කිරීම් කර ඇති මගීන්ට ඔවුන්ගේ ගුවන් ගමන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා ක්ෂණික දුරකථන අංකය 1979 අමතා තොරතුරු ලබා ගන්නා ලෙස ද ගුවන් සේවය ඉල්ලා සිටී.

ගුවන් සේවා කාර්යාලවලට පැමිණ තොරතුරු ලබා ගැනීමට ද මගීන්ට අවස්ථාව ලැබේ. මගීන්ට ඇති වූ අපහසුතාවයට ශ්‍රීලංකන් ගුවන් සේවය සමාව අයැද සිටින අතර, ඔවුන්ගේ අවබෝධය සඳහා ස්තූති කර ඇත.

මැදපෙරදිග ආතතීන් නැවත ඉහළ යාමත් සමඟ ගුවන් මාර්ගයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බව ද ගුවන් සේවය ප්‍රකාශ කර තිබේ.

සෞදියෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්

සෞදියෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්

ඔන්ලයින් ව්‍යාපාර සහ කුරියර් සර්විස් ලියාපදිංචිය ගැන විශේෂ දැනුම්දීමක්

ඔන්ලයින් ව්‍යාපාර සහ කුරියර් සර්විස් ලියාපදිංචිය ගැන විශේෂ දැනුම්දීමක්