වාහන මෙරටට ආනයනය කිරීමේ අලුත් ක්‍රමවේදය මෙන්න..අධියර 04ක් හදුන්වා දෙයි..

Report

වාහන ආනයනකරුවන් විසින් සකස් කරනු ලබන විධිමත් ලෙස වාහන ආනයනය ආරම්භ කිරීම පිළිබඳ වාර්තාවක් කඩිනමින් තමාට ලබා දෙන්නැයි මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා වාහන ආනයනකරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඊට අමතරව රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටින්නේ, දැනට තාවකාලිකව නවතා ඇති රථ වාහන ආනයන සීමා අදියර හතරක් යටතේ ලිහිල් කිරීමට රජයේ අවධානය යොමුවී ඇති බවයි.

මේ කරුණු සඳහන් කළේ, වාහන ආනයනකරුවන්ගේ සංගමය සහ මුදල් රාජ්‍ය ඇමැතිවරයා අතර පැවැති සාකච්ඡාවකදී ය.

වාහන නැවි ගණන් ආනයනය කරන්න යයි..වාහන මිලත් සීග්‍රයෙන් පහළ බසී!!

වාහන නැවි ගණන් ආනයනය කරන්න යයි..වාහන මිලත් සීග්‍රයෙන් පහළ බසී!!


සියලු වාහන ආනයනය කිරීම එක්වරම ආරම්භ නොකර කාණ්ඩ කිහිපයක් යටතේ සිදු කිරීම වඩාත් ප්‍රායෝගික බවයි, ආනයනකරුවෝ එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

එහිදී අවධාරණය කර ඇත්තේ, පොදු ප්‍රවාහනය සඳහා අවශ්‍ය වාහන, පාවිච්චි කළ වාහන, පෞද්ගලික වාහන ආදි වශයෙන් කොටසින් කොටස ආනයනය සඳහා අවසර ලබා දීම වඩාත් ප්‍රායෝගික බවයි.

යූටියුබ් සහ සමාජ මාධ්‍යයට වීඩියෝ දාන්නෙ පරිස්සමින්..යුධ හමුදාපති නඩු පවරයි..

යූටියුබ් සහ සමාජ මාධ්‍යයට වීඩියෝ දාන්නෙ පරිස්සමින්..යුධ හමුදාපති නඩු පවරයි..


බදු ගෙවීම පිළිබඳ මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ බවයි, සියඹලාපිටිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.