ලංකාවම ආසාවෙන් බලන් හිටිය, වාහන ගෙන්වීම ගැන රජය එකවරම ගත්ත තීරණය මෙන්න..

Businessman vehicle imports sri lanka Latest Headlines Import
By krishani Jun 15, 2024 12:05 PM GMT
krishani

krishani

Report

මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

ලංකාවම ආසාවෙන් බලන් හිටිය, වාහන ගෙන්වීම ගැන රජය එකවරම ගත්ත තීරණය මෙන්න.. | Vehicle Import In Sri Lanka

ඒ ඉදිරියේදී වාහන ආනයන කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ වැඩපිළිවෙල සැකසීම සඳහා කමිටුවක් පත්කළ බවයි.

අලුතෙන්ම වාහනයක් ගන්න හීන මැව්ව ඔයාටයි මේ ආරංචිය..

අලුතෙන්ම වාහනයක් ගන්න හීන මැව්ව ඔයාටයි මේ ආරංචිය..


ඒ අනුව මෙරට මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් මඟ පෙන්වන්නෙකු බවට පත්ව ඇති ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ බොහෝ මූල්‍යමය කාරණා පිලිබඳව සාකච්ඡා කොට එකඟතාවයන්ට පැමිණිම සිදුකරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

වාහන ආනයනය යනු රටේ විදේශ සංචිත වලට සෘපුවම බලපාන කරුණක් බැවින් වාහන ආනයන සීමාවන් ලිහිල් කරන මාර්ග සිතියම, රජය ජාත්‍යන්තර මූල්‍ය වෙත ඉදිරිපත් කළ බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.

එම මාර්ග සිතියමට අනුව පොදු ප්‍රවාහන සේවා සඳහා යොදාගන්නා වාහනවල සිට නිශ්චිත ක්‍රමවේදයක් යටතේ අනුපිළිවෙලකට ආනයන සීමා ලිහිල් කිරීම සිදු කිරීමට අපේක්ෂා කරන බව ඒ මහතා සඳහන් කළේ ය.

එම නිශ්චිත වැඩපිළිවෙල සැකසීම සඳහා මුදල් අමාත්‍යාංශයේ වෙළෙඳ හා ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, මහ බැංකුව, වාහන ආනයන කිරීමේදී නව හා පාවිච්චි කරන ලද මෝටර් රථ ගෙන්වන කණ්ඩායමේ දෙකේ නියෝජිතයින්, වාහන එකලස් කරන්නන්ගේ සංගමයේ නියෝජිතයින්, කර්මාන්ත අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය ආදී වාහන ආනයනය කිරීමේදී බලපෑම් ඇති වන සියලු කණ්ඩායම් ඇතුළු වන පරිදි එම කමිටුව පත් කළ බවද රාජ්‍ය අමාත්‍යාවරයා පැවසීය.

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගැන එකවරම ගත් තීරණයක් මෙන්න..(PHOTO)

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගැන එකවරම ගත් තීරණයක් මෙන්න..(PHOTO)


තව ද, මෙම වාහන ආනයන සීමා ලිහිල් කිරීමේදී පොදු මහජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතාවයන් සඳහා යොදාගන්නා වාහන, භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදාගන්නා වාහන, මහජනතාව විකල්ප ලෙස යොදාගන්නා යතුරුපැදි හා මෝටර් රථ හා එයිනුත් පසුව සුඛෝපභෝගී රථ වාහන සීමා ලිහිල් කරන බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් ඒ මහතා පැවසුවේ විද්‍යුත් වාහන ආනයනය කෙරෙහි එහිදී විශේෂ අවධානයක් යොමුකරන බවයි.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%