නැවත වාහන ගෙන්වන දිනය ගැන ඇමති කෙනෙකුගෙන් හෙලිදරව්වක්..වාහන මිල සම්බන්ධයෙන් ඉඟියක්..

VEHICLES EXPORT BRAND NEW SECOND HAND SHEHAN SEMASINGHE
By Sewvandhi Nov 10, 2021 03:34 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ආර්ථිකය ශක්තිමත් වූ පසු වාහන ආනයන සඳහා පනවා ඇති සීමා ඉදිරියේ දී ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බවත් වාහන සඳහා ආනයන සීමා පනවා තිබුණ ද වාහන අමතර කොටස් ආනයනය සඳහා සීමා පනවා නොමැති බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඊයේ (09) දින පාර්ලිමේන්තුවේ දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කර සිටියේ, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා,

“මේ වෙන කොට වාහන එකලස් කිරීම අපේ රටේ ආරම්භ කරලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය බදු සහන සහ අනෙකුත් පහසුකම් සියල්ල අපි මේ වෙන කොට සකස් කරලා තියෙනවා. ඉදිරියේ දී තවත් ආයතන කිහිපයක් මුදල් අමාත්‍යාංශයත් රජයත් සමඟ සාකච්ඡා කරනවා ඔවුන්ගේ එකලස් කිරීමේ කර්මාන්ත ලංකාවේ පිහිටුවන්න. මේ වාහන ආනයන කිරීමට පවතින සීමාවන්, මේක ස්ථිරවම අපි පනවපු සීමාවක් නෙමෙයි. නමුත් ඒ අතරතුර අපි එකලස් කිරීමට අවශ්‍ය දිරිගැන්වීම ලංකාව තුළ සිදුකරනවා. ඉදිරියේදී නැවතත් ආර්ථිකය ශක්තිමත් වුණාට පස්සේ අපි පනවලා තියෙන සීමා ලිහිල් කරන්නත් බලපොරොත්තු වෙනවා. හැබැයි ඒ එක්කම මේ වෙනකොටම ආයෝජකයන් කිහිප දෙනෙක් අපිත් එක්ක එකලස් කිරීමේ කටයුතු සඳහා සාකච්ඡා කරමින් පවතිනවා.“

“වාහන ආනයන සම්බන්ධයෙන් සීමා පනවලා තිබ්බාට අමතර කොටස් ආනයනය සම්බන්ධයෙන් සීමා පැනවීමක් සිදුකරලා නැහැ. හැබැයි ඒ එක්කම විවිධ කණ්ඩායම් විසින් අසීමිත ලෙස මිල ගණන් ඉහළ නැංවීමක් සිදුකරලා තියෙන කාරණාවක් අපිට පේන්න තියෙනවා. ඒ වගේම අපි ඉතා මහන්සියෙන් කටයුතු කරනවා මේ වෙලාවේ හැකි ඉක්මනින් මේ කොවිඩ් 19 ලෝක වසංගත තත්ත්වය තුළ ඇතිවෙලා තියෙන බලපෑම අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව. මේ තත්ත්වය තුළ ආර්ථිකය නැවත සක්‍රීය වීමත් සමඟ විශේෂයෙන්ම රුපියලේ අගය ස්ථාවර කර ගැනීමත් සමඟ අපට පුළුවන් වේවි මේ තත්ත්වය පාලනය කරගන්න. නමුත් වාහන ආනයනයට සීමා පැනවිලා තිබ්බාට අමතර කොටස් සඳහා අපි සීමා පනවලා නැහැ.“


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


ReeCha