එළවළු මිල තවත් පහතට..

Sri Lanka
By krishani Mar 31, 2023 04:11 AM GMT
krishani

krishani

Report

මේ වනවිට ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු මිල ඉතා අඩු අගයකින් සටහන් වේ.

ඒ අනුව ඊයේ (30) පෑලියගොඩ මැනිං වෙළඳපොලේ කැරට් කිලෝවක් රුපියල් 90ත්, 100ත් අතර මිලකට ද, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝග්‍රෑමයක මිල රුපියල් 80 දක්වා ද මිල පහත වැටිණ.

නොරොච්චෝලේ ආර්ථික මධ්‍යස්ථානයේ උඩරට නොවන බීට් කිලෝග්‍රෑමයක් රුපියල් 60ත්, 80ත් අතර මිලකට අලෙවි වී තිබූ අතර, මැනිං වෙළඳපොලේ ද රුපියල් සියයකට අඩු අගයකින් අලෙවි විය.

ආර්ථික මධ්‍යස්ථාන රැසක ලීක්ස් කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 200ත්, 260ත් අතර අගයක පැවතුන අතර ගෝවා කිලෝග්‍රෑමයක මිල ද රුපියල්  65ත්, 90ත් අතර අගයක් සටහන් විය.

මේ අතර නුවරඑලිය අර්තාපල් ඊයේ දිනයේ මැනිං වෙළඳපොලේ රුපියල් 230කට අලෙවි වූ අතර ආනයනික ලොකු ළුෑණු කිලෝග්‍රෑමයක මිල ද රුපියල් සියයට අඩු අගයක් ගනු ලැබීය.

මැනිං වෙළඳපොලේ වට්ටක්කා කිලෝග්‍රෑමයක් අලෙවි වූයේ රුපියල් 35ත්, 50ත් අතර මිලකට ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha