එළවළු මිලේ අඩුවක් - මිල ගණන් දැනගැනීමට මෙතනින් පිවිසෙන්න.

Sri Lanka
By krishani Mar 04, 2023 03:18 AM GMT
krishani

krishani

Report

එළවළු මිල ගණන් වල තවදුරටත් පහළ යාමක් දක්නට ලැබුණ බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය පවසයි.

බෝංචි මිල ගණන් සති අන්තයේ රුපියල් 250කට අඩු අගයක් විය.කැරට් තොග මිල ගණන් ද රුපියල් 120ට අඩු අගයක් ගත්තේ ය.

ආනයනික අර්තාපල් රුපියල් 120ක් වූ අතර වැලිමඩ දේශීය අර්තාපල් රුපියල් 200ත් 210ත් අතර විය.

ආනයනික ලොකු ළුෑණු රුපියල් 95ත් 100ත් අතර ද ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑමයක් රුපියල් 140ත් 200ත් අතර අගයක ද පැවතියේ ය.

කෝලිකුට්ටු කිලෝග්‍රෑමයක් රුපියල් 400කට ආසන්න වූ අතර පැපොල් රුපියල් 220ත් 320ත් අතර මිලක පැවතියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join