ඇස් රතු වෙන්නම උඩ ගිය එළවළු මිලට අද මොකද වුණේ?.

Report

මේ දිනවල එළවළු මිල ගණන් සටහන් වන්නේ ඉහළ අගයක ය.

ඇස් රතු වෙන්නම උඩ ගිය එළවළු මිලට අද මොකද වුණේ?. | Vegetable Prices In Sri Lanka 19Th June 2024

අදත් (19) එළවලු මිල ගණන් සැලකිය යුතු වෙනසක් දක්නට නොලැබුණු බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනය සඳහන් කළේ ය.

අදත් ආර්ථික මධ්‍යස්ථාන රැසක බෝංචි තොග මිල රුපියල් 600 මට්ටමේ පැවතියේ ය.

එමෙන්ම, ලීක්ස් මිල ගණන් ද රුපියල් 550 ත් 600 ත් අතර සටහන් විය.

ඒ අනුව කැරට් රුපියල් 350 ත් 400 ත් අතර අගයක සටහන් විය.

තක්කාලි මිල ද රුපියල් 600ට ආසන්න වී තිබීම විශේෂත්වයක් විය.

කෙසේ වෙතත්, ලොකු ලූණු, අර්තාපල් මෙන්ම දෙහි සහ අමු මිරිස් ද පෙර පැවති මිල පරාසයන්වලම පවතියේ ය.