අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් අද දිවයිනට

Report

ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමග සබඳතා පිළිබඳ ලේකම් අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් අද (03) දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

ඒ වගේම ඒ හිමියන් අද සිට එළැඹෙන 08 දක්වා කාලය තුළ ශ්‍රී ලාංකාවේ නිල සංචාරයක නිරත වේ.

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ආරාධනාවකට අනුව මෙම සංචාරය සිදු වීමට නියමිතයි.

ඒ ශ්‍රී ලංකාව හා ශුද්ධාසනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වැනි සංවත්සරය සැමරීම හේතුවෙනි.

මෙම සංචාරය අතරතුරදී අගරදගුරු ගැලගර් හිමිපාණන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හමුවීමට නියමිතව ඇත.

ඒ වගේම විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමග නිල සාකාච්ඡාද පැවැත්වීමට සූදානම්ව තිබේ.

තවද රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කොට එළැඹෙන 50 වැනි සංවත්සරය සනිටුහන් කරමින් විශේෂ අනුස්මරණ උත්සවයක් පැවැත්වේ.

රත්තරන් ආයේ ගණන් වැඩි වෙලා - අලුත්ම මිල ගණන් මෙන්න

රත්තරන් ආයේ ගණන් වැඩි වෙලා - අලුත්ම මිල ගණන් මෙන්න

ඒ කොළඹ ගාලු මුවදොර හෝටලයේදීය.

එහිදී අගරදගුරු ගැලගර් හිමිපාණන් දේශණයක්ද පැවැත්වීමට නියමිතයි.

ඒ වගේම  විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සදහන් කළේ 2019 වසරේ එල්ලවූ පාස්කු ඉදිරිදා ප්‍රහාරයෙන් බලපෑම් සිදු වූ දේවස්ථාන ඇතුළු රට පුරා සංස්කෘතික හා ආගමික වශයෙන් වැදගත් ස්ථාන නැරඹීම මෙම සංචාරයට ඇතුළත් වන බව‍යි.

තරග විභාගවලින් ජයෙන් ජයම ලැබෙන මේ ලග්න හිමියන් අද දවසේ මේ වැඩවල නම් නිරත වෙන්න හිතන්නවත් එපා

තරග විභාගවලින් ජයෙන් ජයම ලැබෙන මේ ලග්න හිමියන් අද දවසේ මේ වැඩවල නම් නිරත වෙන්න හිතන්නවත් එපා