වැට් බදු අනුපාතය ඉහළට.

Sri Lanka Sri Lanka Cabinet IMF Sri Lanka Income Tax Department
By Hashini Oct 31, 2023 07:25 AM GMT
Hashini

Hashini

Report

2024.01.01 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත වන බදු අනුපාතිකය ( VAT ) සියයට 18ක් දක්වා වැඩි කිරීමට අදාළ නීති සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ ඊයේ (30) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීය. 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ මුල් මාස 09 තුළ රජයේ බදු ආදායම සියයට 51කින් ඉහළ ගොස් ඇති බව කැබිනට් තීරණ ඇතුළත් නිවේදනයේ සඳහන් වනවා.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී ඇති බදු එකතු කිරීමේ ඉලක්ක සපුරාගැනීමට මෙතෙක් හැකි වී නොමැති බවයි.

වැට් බද්ද ඉහළදැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති පරිදි බදු ආදායම් සහ ප්‍රාථමික ශේෂ ඉලක්කයන් සපුරාගැනීමට හැකිවනු පිණිසයි.

දැනට එකතු කළ අගය මත වන බද්ද අදාළ නොවන භාණ්ඩ හා සේවා මත එකී බද්ද පැනවීම ඇතුළු නව බදු යෝජනා කිහිපයක් 2024.01.01 සිට ක්‍රියාත්මක කිරීමටත් අදාළ නීති සංශෝධනය කිරීම සඳහා මෙහිදී කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.


ReeCha