එකම පවුලකින් මෙරටට දායාද කල සුපිරි ක්‍රිකට් තරු දෙක..කවුරුත් දන්න වනිදුගේ පවුලේ අනිත් ක්‍රිකට් තරුව කවුද..?(PHOTOS)

cricket gossip baller Vanidu Hasaranga Chathuranga De Silva
By Sewvandhi Feb 12, 2022 07:56 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රි ලංකා ක්‍රිකට් ලොව සෑම දෙනාගේම හිත් ආකර්ෂණය කර ඇත. කලකදී 1995 ලෝක කුසලාන සමයේ සිටම ලොව පුරා ආකර්ෂණයක් දිනා ගත් ශ්‍රි ලංකන් ක්‍රිකට් කලාව පසු කාලීනව ඉතා පසුගාමි ස්භාවයක් දරමින් සිටියේය.

නැවත කලක් ලෝකයම ආදරය කරනා ස්භාවයක් ලබා ගැනීමට ශ්‍රි ලංකන් ක්‍රිකට් වලට පුළුවන් වුණි. සියල්ලගෙම සිත් වශි කරමින් එකම පවුලෙන් බිහිවු දක්ශයින් දෙදෙනෙකු ගැනයි මේ පුවත ඒනම් ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වනිදු හසරංග සහ චතුරංග ද සිල්වා ය.

ශ්‍රි ලංකීය තරුණ තරුණියන් පමණක් නොව විදේශි තරුණ තරුණියන් සහ ලෝක ක්‍රිකට් තරු පවා පුදුමයට පත් කරමින් මොවුන් තම දස්කම් වැඩි දියුණු කර ගමින් සිටි.

වනිඳු හසරංග ලෙසින් ප්‍රකට පින්නදූවගේ වනිඳු හසරංග ද සිල්වා, 1997 ජුලි 29 වන දින ගාල්ලේදි උපත ලැබුවේය. දකුණත් පිතිකරුවෙකු වන ඔහු ක්‍රීඩාවේ ආකෘති තුනෙන්ම ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන වෘත්තීය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇත.

ඔහු 2017 ජූලි මාසයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර තරගයට පිවිසියේය. වනිඳු හසරංග ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ සිට ජාතික කණ්ඩායමට කෙළින්ම ඇතුළත් වූ අතර, වනිඳු හසරංග ආක්‍රමණශීලී මැදපෙළ පිතිකරුවෙකි.

ඔහුගේ වැඩිමහල් සහෝදරයෙකු සහ බාල සහෝදරියක්ද සිටි. පින්නදූවගේ චතුරංග ද සිල්වා නොහොත් චතුරංග ද සිල්වා යනු ශ්‍රී ලංකාවේ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු 1990 ජනවාරි 17 දී ගාල්ලේ උපත ලැබීය.

චතුරංග ද සිල්වා ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අතර එහිදී ඔහු ක්‍රිකට් දිවිය ආරම්භ කළේය. ඔහු මූලික වශයෙන් 2014 පෙබරවාරි 25 වමත් පිතිකරුවෙකු ලෙස වෘත්තිය ආරම්භ කලේය. නමුත් පහසුවෙන් පන්දු යවන මන්දගාමී වමත් ඕතඩොක්ස් ක්‍රීඩකයෙකි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now 


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery