පැහැර ගත් වැන් රථය සමග සැකකරුවන් හය දෙනෙකු අත් අඩංගුවට.. අල්ලගත් සැකකරුවන්ගෙන් පොලිසියට පෙට්‍රල් බෝම්බ
Sri Lanka
Sri Lanka Police Investigation
By Sewvandhi
මාවනැල්ල හෙම්මාතගම මාර්ගයේ කෝරා හංදිය අසලදී පසුගියදා පැහැර ගත් වැන් රථය සම්බන්ධයෙන් සිදු කරන ලද දිර්ඝ විමර්ශනයකින් පසු මෙම සැක කරුවන් 6දෙනෙකු වෑන්රථයද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෑන් රථය පැහැරගෙන යාමේදි ගවයින් 5 දෙනෙක්ද එම වෑන් රථයෙන්ම පැහැරගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.
මොවුන් අත්අඩංගුවට ගැනීමට යාමේදි තෙල්දෙනිය පොලිස් නිලධාරින්ට මෙම සැකකරුවන් පෙට්‍රල් බොම්බ ප්‍රාහාරයක් එල්ල කළ පාලායාමට උත්සහ දරා ඇති බවත් තවත් නිලධාරියෙකුට පොරොවකින් පහරදිමට උත්සහ දරා ඇති බවත් වාර්තා වනවා.
- සිතුමි -
