එන්නතක් සහ ඖෂධ වර්ග 05ක් වහාම භාවිතයෙන් ඉවත් කරයි..ඒවා මෙන්න.

Keheliya Rambukwella Sri Lanka Ministry of Health Sri Lanka Government Of Sri Lanka National Health Service
By Aruna Aug 11, 2023 01:41 AM GMT
Aruna

Aruna

Report

මේ දිනවල ශ්‍රී ලංකාව තුළ ඖෂධ සහ එන්නත් විෂ වීමෙන් රෝගීන් මිය යෑමේ ප්‍රවණතාව වැඩි වී තිබීම හේතුවෙන් ඖෂධ නියාමන අධිකාරිය විසින් එන්නතක් ද සමඟ ඖෂධ වර්ග 5ක් භාවිතයෙන් ඉවත් කර තිබෙන බව වාර්තා වනවා.

ඖෂධ නියාමන අධිකාරිය දන්වා ඇති පරිදි එම ඖෂධ වර්ග වන්නේ

01.පෙඩ්‍රිසොලෝන්

02.ප්‍රෙපොෆෝල් එන්නත

03.බුපිවකේන්

04ඇමෙක්ෂිලේව්

05. සෙෆ්රිසෝන්.

එම අධිකාරිය සඳහන් කර සිටින්නේ, ඖෂධ මිල දී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියකට හෝ ඖෂධ ආනයනය කිරීමේ ක්‍රියාවලියකට හෝ ජාතික නියාමන අධිකාරිය මැදිහත් නොවන අතර ඖෂධයක් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතු වුවහොත් ඊට මැදිහත් වන බවයි.

ReeCha