වෛද්‍ය සිසුන්ට ඇප..!
By Sewvandhi
අද (28) පොලීසිය විසින් අත්අඩංගුවට ගත් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සරසවි සිසුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ.
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු නවීන් තාරක ඇතුළු තවත් සිසුවෙකුට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය (අංක 07) විසින් එලෙස ඇප ලබාදුන්නා.
ඊයේ (27) මෙම විරෝධතා පාගමන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ස්ථාපිත කිරීමට විරෝධය පළ කරමින් සංවිධානය කර තිබුණි.
එහිදී කොළඹ මහවැලි කෙන්ද්‍රය අසලින් ආරම්භවී තිබූ මෙම පාගමන නෙළුම් පොකුණ දෙසට ගමන් කර තිබුණි.
ඒ අනුව පොලීසිය විසින් එම පාගමනට අවස්ථා දෙකකදී ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය