මේ දේ අනිවාර්යයෙන්ම කළ යුතුයි - විදුලි සහ ජල පාරිභෝගිකයන්ට එකවරම කළ විශේෂ දැනුම්දීම මෙන්න..
Ceylon Electricity Board
Water Board
Weather
Water
Latest Headlines
By krishani
මෙරට තුළ මේ දිනවල අධික උණුසුම් කාලගුණයක් පවති.
එම කාළගුණ තත්ත්වය හමුවේ ජලය සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට දැනුම් දෙනු ලබයි.
එමෙන්ම, ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ තවත් මාස දෙකක පමණ කාලයක් මෙම කාලගුණ තත්ත්වය පැවතියහොත් මුර ක්‍රමයට ජලය නිකුත් කිරීමට සිදුවිය හැකි බවයි.
තවද, පවතින වියලි කාලගුණය හේතුවෙන් ජනතාව වෙනදාට වඩා විදුලිය භාවිතා කරන නිසා ඒ හේතුවෙන් මේ දිනවල විදුලි ඉල්ලුම ද ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, මේ තත්ත්වය මත විදුලිය ද අරපිරිමැස්මෙන් භාවිත කරන මෙන් ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
