ඊයෙටත් වැඩිය අද රුපියල බිම වැටෙද්දි ඩොලරයේ විකුණුම් මිල වේගෙන් ඉහළට - ලංකාවේ බැංකුවල මිල ගණන් මෙන්න
අද (15) දින ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා.
ඒ අනුව ඇතැම් බැංකුවල විකුණුම් අනුපාතය රු. 341 ක් ලෙස සටහන් වේ.
සෙලාන් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රුපියල් 331.75 සහ රුපියල් 341.00 වශයෙන් නොවෙනස්ව පැවතුන අතර NDB බැංකුවේ, ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 331.75 සිට රුපියල් 331.85 දක්වා ඉහළ ගොස් ඇත.
එහි විකුණුම් අනුපාතය රුපියල් 340.75 සිට රුපියල් 340.85 දක්වා ඉහළ ගොස් තිබුණා. එසේම මහජන බැංකුවේ, ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 331.66 සිට රුපියල් 331.86 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතය රුපියල් 340.48 සිට රුපියල් 340.69 දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම කොමර්ෂල් බැංකුව වාර්තා කරන ලෙස, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රුපියල් 330.05 සිට රුපියල් 330.30 දක්වා සහ රුපියල් 340.00 සිට රුපියල් 340.25 දක්වා ඉහළ ගොස් තිබෙන බව සඳහන්.
මේ අතර සම්පත් බැංකුවේ, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රු. 332.00 හි නොවෙනස්ව පවතින අතර, විකුණුම් අනුපාතය රු. 341.00 හි නොවෙනස්ව ඇති බව වාර්තා වේ.