USA Green Card Lottery ???? සඳහා Online ලියාපදිංචිය ඇරඹුණා..මේ අනගි අවස්ථාවට ඔබත් අයදුම් කරන්න..කිසිදු අය කිරීමක් නොමැත..

Sri Lanka United States of America
By Aruna Oct 04, 2023 08:01 AM GMT
Aruna

Aruna

Report

ඔක්තෝබර් 5 වෙනිදා ඇමෙරිකාවේ වෙලාවෙන් 12.pm (ලංකාවේ වෙලාවෙන් රෑ 9.30ට) Green Card Lottery එක open වෙනවා.

ඔයාලට නිකන්ම අයදුම් කරන්න පුලුවන් .

ෆොටෝ එකක් විතරයි ඕන.

DV-2024 වැඩසටහන: මාර්ගගත ලියාපදිංචිය DV-2024 වැඩසටහන සඳහා මාර්ගගත ලියාපදිංචි කාලය 2023 ඔක්තෝබර් 5, බ්‍රහස්පතින්දා මධ්‍යහන 12:00 ට, නැගෙනහිර දිවා ආලෝකය (EDT) (GMT-4), (ශ්‍රී ලංකා වේලාවෙන්, ඔක්තෝබර් 05, 2023) ආරම්භ වේ.

රාත්‍රී 9:30 ට) මේ අතර අයදුම් කළ හැකි කාලය, 2023 නොවැම්බර් 8 වන දා දහවල් 12:00 ට, නැගෙනහිර සම්මත වේලාව (EST) (GMT-5) (ශ්‍රී ලංකා වේලාවෙන්, 2023 නොවැම්බර් 08, ප.ව. 10:30 ට) අවසන් වේ.

පුද්ගලයෙකු සඳහා ඇතුළත් කිරීම් එකකට වඩා ඉදිරිපත් කිරීම එම පුද්ගලයා සඳහා සියලුම ඇතුළත් කිරීම් නුසුදුසු වනු ඇති බවයි එහි නිර්දේශ වල සඳහන් වන්නේ.

USA Green Card Lottery සදහා අයදුම් කර මේ විශේෂ අවස්ථාව ලබා ගැනීමට අයදුම් කරන ඔබ හට කිසිදු මුදලක් වැය නොවේ.

එය 100%ක් නොමිලේ සිදු කරයි. ඇතැම් වංචාසහගත පුද්ගලයින් මේ හරහා ව්‍යාජ සහගත ලෙස මුදල් ඉපයීමද සිදු කරයි.

එම නිසා මේ වෙනුවෙන් කිසිදු මුදලක් අය නොවන බව ඔබ තරයේ මතක තබාගන්න.

මෙය සෑම වර්ෂයක් පාසාම සිදු කරනු ලබන අතර 2024 වර්ෂය සඳහා හෙට සිට අයදුම් කිරීමේ අනගි අවස්ථාව ඔබට උදාවෙයි.

එම අවස්ථාව ලබා ගන්න ඔබත් පහත ලින්ක් එක හරහා ඇතුලත් වී විස්තර ලබා දෙන්න.

 https://dvprogram.state.gov

ReeCha