ඇමරිකාවේ ඔරලෝසු කතාව අවසන් වෙයි? ඡන්දය දිනූ සැණින් මන්ත්‍රී මණ්ඩලයේ සින්දුත් වයයි
එක්සත් ජනපදයේ දිවා ආලෝකය ඉතිරි කිරීමේ කාලය (Daylight Saving Time - DST) ස්ථිර කිරීම අරමුණු කරගත් "Sunshine Protection Act" හෙවත් හිරු එළිය ආරක්ෂණ පනත අඟහරුවාදා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් වැඩි ඡන්දයෙන් සම්මත කර තිබේ.
පනතට පක්ෂව ඡන්ද 308ක් සහ විපක්ෂව ඡන්ද 117ක් ලැබුණු අතර, රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් පක්ෂ දෙකේම මන්ත්‍රීවරුන්ගෙන් එයට සහාය හිමිවිය.
මෙම යෝජනාව ක්‍රියාත්මක වුවහොත්, ඇමරිකානුවන්ට වසරකට දෙවරක් ඔරලෝසු ඉදිරියට හෝ පසුපසට සකස් කිරීමේ අවශ්‍යතාවය අවසන් වන අතර, දැනට මාර්තු සිට නොවැම්බර් දක්වා පවතින DST ස්ථිර වේලාව ලෙස ක්‍රියාත්මක වනු ඇත.
ඡන්ද විමසීම මෙහෙයවූ රිපබ්ලිකන් මන්ත්‍රී ස්කොට් ඩෙස්ජාර්ලේස් අවසන් ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී තම ජංගම දුරකථනයෙන් බීට්ල්ස් සංගීත කණ්ඩායමේ "Here Comes the Sun" ගීතයේ කොටසක් වාදනය කිරීමද විශේෂත්වයක් විය.
වසර ගණනාවක් පුරා ඔරලෝසු වෙනස් කිරීමේ ක්‍රමය අවසන් කළ යුතු බවට ද්විපාර්ශ්වික සහාය පවතින අතර, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද ධවල මන්දිරයට නැවත පත්වීමෙන් පසු එම ක්‍රමය අවසන් කරන බවට පොරොන්දු වී තිබේ.
ඉරානය ආයේ සාකච්ඡා පටන් අරන් ගිවිසුමකට ආවේ නැත්තම් විදුලි බලාගාරවලට බෝම්බ දානවා.. කිසිම දෙයක් ඉතුරු කරන් නෑ - ට්‍රම්ප් යකා නටයි
2025 ජනවාරි මාසයේදී මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කළ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ රිපබ්ලිකන් නියෝජිත වර්න් බුකනන් පැවසුවේ, වසරකට දෙවරක් ඔරලෝසු වෙනස් කිරීම "කිසිදු සැලකිය යුතු ප්‍රයෝජනයක් නොමැතිව ජනතාවගේ දෛනික ජීවිතයට බාධා කරන ක්‍රමයක්" බවයි. නියෝජිත මන්ත්‍රී මණ්ඩලය පනත අනුමත කළද, එය නීතියක් බවට පත්වීම සඳහා සෙනෙට් සභාවේද අනුමැතිය හිමිවිය යුතුය.
ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සෙනෙට් සභික රික් ස්කොට් ද 2025 ජනවාරි මාසයේදී සමාන පනත් කෙටුම්පතක් සෙනෙට් සභාවට ඉදිරිපත් කර තිබේ.
දිවා ආලෝකය ඉතිරි කිරීමේ කාලය ආරම්භ වූයේ කෙසේද?
පළමු ලෝක යුද්ධ සමයේදී ඉන්ධන සහ විදුලිය ඉතිරි කිරීමේ අරමුණින් එක්සත් ජනපදය ගිම්හාන කාලයේදී ඔරලෝසු පැයක් ඉදිරියට ගෙන යාම ආරම්භ කළේය. මෙම ක්‍රමය Daylight Saving Time (DST) ලෙස හැඳින්වේ. සරත් සෘතුවේදී නැවත සම්මත වේලාවට පැමිණීම සඳහා ඔරලෝසු පැයක් පසුපසට ගෙන යනු ලැබේ.
පළමු ලෝක යුද්ධයෙන් පසු මෙම ක්‍රමය අවලංගු කළද, දෙවන ලෝක යුද්ධයේදී එය යළි හඳුන්වා දෙන ලදී. 1966දී රට පුරා DST ක්‍රියාත්මක කිරීමේ නීති සම්මත කළ අතර, හවායි සහ ඇරිසෝනා ප්‍රාන්ත මෙන්ම පුවර්ටෝ රිකෝ සහ වර්ජින් දූපත් වැනි එක්සත් ජනපද භූමි ප්‍රදේශ මෙම ක්‍රමයෙන් නිදහස්ව පවතී.
ට්‍රම්ප්ගේ ස්ථාවරය
මැයි මාසයේ සමාජ මාධ්‍ය සටහනක් මඟින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, වසරකට දෙවරක් ඔරලෝසු වෙනස් කිරීමේ ක්‍රමය අවසන් කිරීම සඳහා නීතියක් සම්මත කර ගැනීමට තමන් දැඩි උත්සාහයක් ගන්නා බවයි.
ඔහු සඳහන් ළේ, "වසරකට දෙවරක් ඔරලෝසු වෙනස් කිරීම නිසා ඇතිවන අනවශ්‍ය වියදම් සහ අපහසුතා අවසන් කළ යුතු කාලය පැමිණ තිබේ" යනුවෙනි.
පක්ෂ සහ විපක්ෂ අදහස්
කෙසේ වෙතත්, DST ස්ථිර කිරීම සම්බන්ධයෙන් විවේචනද මතුවී තිබේ. විවේචකයන් පෙන්වා දෙන්නේ ශීත කාලයේ උදෑසන වැඩි වේලාවක් අඳුරු වීම නිසා පාසල් සිසුන්ට සහ රියදුරන්ට අනතුරුදායක තත්ත්වයන් ඇති විය හැකි බවයි.
අනෙක් අතට, සම්මත වේලාව (Standard Time) පවත්වාගෙන යාමට සහාය දක්වන පිරිස් පවසන්නේ උදෑසන වැඩි ස්වභාවික ආලෝකය ලැබීමෙන් නින්දේ ගුණාත්මකභාවය සහ සමස්ත සෞඛ්‍යය යහපත් වන බවයි. ලෝකයේ තත්ත්වය Pew පර්යේෂණ මධ්‍යස්ථානයට අනුව, ලෝකයේ රටවල්වලින් තුනෙන් එකකටත් අඩු සංඛ්‍යාවක් පමණක් යම් ආකාරයක DST ක්‍රමයක් අනුගමනය කරයි. එම රටවල බහුතරය යුරෝපයේ පිහිටා ඇත.
යුරෝපයේ ආර්මේනියාව, අසර්බයිජානය, බෙලරුස්, ජෝර්ජියාව, අයිස්ලන්තය, රුසියාව සහ තුර්කිය DST ක්‍රමය භාවිත නොකරන අතර, අප්‍රිකානු මහද්වීපයේ DST ක්‍රියාත්මක කරන එකම රට ඊජිප්තුව වේ.