ඇමරිකාවේ සුපිරි ජීවිතයට සමුදී දෙමාපියන් බලාගන්න ආපු - Meta ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු ගුරුරාජන්

Report

වසර 18කට ආසන්න කාලයක් ඇමරිකාවේ ජීවත් වූ Meta සමාගමේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු නායකයෙකු වන බාලාජි ගුරුරාජන් සිය පවුල සමඟ නැවත බැංගලෝරයට පැමිණ තිබේ.

ඔහු ඇමරිකාවේ සුපිරි ජිවිතය අතහැර තම රටට ඇත්තේ සිය ආදරණියන් වෙනුවෙනි.

ඔහු පවසන්නේ මෙම තීරණය වෘත්තීයමය තීරණයකට වඩා පෞද්ගලික අවශ්‍යතාවයක් මත ගත් එකක් බවයි. වයස්ගත වන තම දෙමාපියන් සමඟ වැඩි කාලයක් ගත කිරීමටත්, තම දරුවන්ට පවුලේ සාමාජිකයන් සමඟ වැඩි සබඳතාවක් ගොඩනඟා ගැනීමට අවස්ථාව ලබා දීමටත් මෙම පියවර ගත් බව ඔහු සඳහන් කළේය.

ඉන්දියාවෙන් අලුත්ම වැඩක් - ලොව විශාලතම හරිත බලශක්ති සංකීර්ණය නිර්මාණයට

ඉන්දියාවෙන් අලුත්ම වැඩක් - ලොව විශාලතම හරිත බලශක්ති සංකීර්ණය නිර්මාණයට

LinkedIn සටහනක් හරහා ගුරුරාජන් කියා සිටියේ වසර 18ක් ඇමරිකාවේ ගත කළ ජීවිතය අවසන් කර සිය පවුල සමඟ බැංගලෝරයට නැවත පැමිණි බවයි. එම සටහන සමඟ ගුවන් තොටුපළකදී ගත් බව පෙනෙන ඡායාරූපයක් ද එක් කර තිබූ අතර, එහි විශාල ගමන් මලු ප්‍රමාණයක් සහිත ට්‍රොලියක් දැක්වුණි.

“වැදගත් පවුල් අවස්ථා සැතපුම් දහස් ගණනක් ඈතින් සිට බලා සිටිනවාට වඩා, ආදරණීයයන් සමඟ වැඩි කාලයක් ගත කිරීමට අවශ්‍ය වුණා” යන අදහසින් මෙම තීරණය ගත් බව ඔහු පැවසීය.

ඇමරිකාවේ Bay Area කලාපයේ ගත කළ කාලය තම වෘත්තීය ජීවිතයට මෙන්ම තාක්ෂණය හා නායකත්වය පිළිබඳ දැක්මට ද විශාල බලපෑමක් කළ බව ඔහු සඳහන් කළේය.

තම ගමනේදී සහය වූ සගයන් සහ මිතුරන්ට ඔහු ස්තුතිය පළ කළේය. “මට අවස්ථාවක් ලබා දුන්, අවශ්‍ය අවස්ථාවලදී ඉගෙන ගත යුතු දේ කියා දුන්, හෝ දුෂ්කර කාලයන් පහසු කළ සෑම කෙනෙකුටම ස්තුතියි” යනුවෙන් ඔහු ලියා තිබුණි.

කෙසේ වෙතත්, නැවත බැංගලෝරයේ ජීවිතයට හැඩගැසීම පහසු කාර්යයක් නොවූ බව ද ඔහු පැවසීය.

නිවසක් සොයා ගැනීම, දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම සහ වසර ගණනාවකට පසු නව දෛනික රටාවක් ගොඩනඟා ගැනීම අභියෝගයක් වූ බව ඔහු සඳහන් කළේය. එම අත්දැකීම පිළිබඳව ඔහු පැවසුවේ, “නැවත පදිංචි වීමම වෙනම ව්‍යාපෘතියක් වගේ.

එය නිහතමානී අත්දැකීමක් වූ අතර බොහෝ අවස්ථාවල සැබවින්ම හොඳ අත්දැකීමක් වුණා” යනුවෙනි.

මෙම වෙනස අතරතුර ගුරුරාජන් විසින් Bhavitta නමින් දේශසීමා හරහා සිදුකරන මූල්‍ය කළමනාකරණයට උපකාර වන යෙදුමක් ද නිර්මාණය කර තිබේ.

රටවල් දෙකක්, මුදල් ඒකක දෙකක් සහ වෙනස් බදු ක්‍රමවේදයන් සම්බන්ධ විශ්‍රාම සැලසුම් සහ මූල්‍ය තීරණ සඳහා මෙම යෙදුම උපකාරී වන බව ඔහු සඳහන් කළේය.

ඔහු සිය LinkedIn සටහන අවසන් කර තිබුණේ මෙසේය: “දැනට — කෘතඥතාවයෙන්, තරමක් ගුවන් ගමන් මහන්සියෙන්, නමුත් මෙහි සිටීම ගැන සතුටින්.” ගුරුරාජන්ගේ කතාව විදේශ රටවල වෘත්තීය ජීවිතයක් ගොඩනඟා ගැනීම සහ නැවත මව්රටට පැමිණීම අතර තීරණ ගැනීමට සිදුවූ බොහෝ වෘත්තිකයන්ගේ අවධානය දිනාගෙන තිබේ.         

කන්තාවන් ලක්ෂ 92කට අහිමිවු මහාරාෂ්ට්‍රයේ සහනාධරය

කන්තාවන් ලක්ෂ 92කට අහිමිවු මහාරාෂ්ට්‍රයේ සහනාධරය