හිටපු අමාත්‍ය එස්.බී ගේ සහෝදරයා වන හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර අත්අඩංගුවට

Report

හිටපු අමාත්‍ය එස්.බී.දිසානායක මහතාගේ සහෝදරයා වන හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර දිසානායක මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඒ මුදල් වංචාවක් සම්බන්ධයෙන් බව සඳහන්.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත, සුරාබදු බලපත්‍රයක් ලබාදෙන බවට සඳහන් කර වීරකැටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් 2,7500,000/= මුදලක් වංචාකිරීම සම්බන්ධව ලද පැමිණිල්ලක් මත එම කොට්ඨාසයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

ඒ අනුව අදාළ විමර්ශන නිලධාරින් සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (14) දින උදෑසන හඟුරන්කෙත ප්‍රදේශයේදී ජයලත් බණ්ඩාර දිසානායක මහතාව අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

අද උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කරන ලද නිවේදනයක් - දිනය පුරා වලංගුයි

අද උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කරන ලද නිවේදනයක් - දිනය පුරා වලංගුයි

එමෙන්ම වයස අවුරුදු 58ක් වන ඔහුව අද (15) දින නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

එසේම මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

රාත්‍රී 12 සිට උදෑසන 6 දක්වා ඉන්ස්ටග්‍රෑම්, ටික්ටොක් සහ යූ ටියුබ් සමාජ මාධ්‍ය භාවිතයට මේ අයට ඇඳිරි නීතියක්

රාත්‍රී 12 සිට උදෑසන 6 දක්වා ඉන්ස්ටග්‍රෑම්, ටික්ටොක් සහ යූ ටියුබ් සමාජ මාධ්‍ය භාවිතයට මේ අයට ඇඳිරි නීතියක්

මේ අයට රජයෙන් අඩු පොළියට ණය - අලුත් බැංකු ක්‍රමයක් ආරම්භයි

මේ අයට රජයෙන් අඩු පොළියට ණය - අලුත් බැංකු ක්‍රමයක් ආරම්භයි