ලෝකයම දිනන අපේ තේ කලාවට අලුත් පණක් එක්කරන තේ ගම්මාන 500ක් බිහිකරන ‘CEYLON TEA VILLAGE’ අද සිට

Report

CEYLON TEA VILLAGE ජාතික වැඩසටහන අද (15) සිට දිස්ත්‍රික්ක 12කදී ආරම්භ කෙරෙන අතර, ජාතික තේ ඉලක්ක සපුරා ගැනීම සඳහා තේ ගම්මාන 500ක් පිහිටුවීම එහි ප්‍රධාන අරමුණයි.

මෙම වැඩසටහන මඟින් 2030 වනවිට ශ්‍රී ලංකාවේ වාර්ෂික තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 400 දක්වා ඉහළ නැංවීමත්, තේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 දක්වා වැඩි කිරීමත් රජයේ ඉලක්ක ලෙස දක්වා තිබේ.

AI සහ ව්‍යාජ පුවත් රැල්ලට එරෙහිව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එකම වේදිකාවක

AI සහ ව්‍යාජ පුවත් රැල්ලට එරෙහිව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එකම වේදිකාවක

එම ඉලක්ක සපුරා ගැනීම සඳහා ක්‍රියාත්මක කරන CEYLON TEA VILLAGE වැඩසටහන මඟින් කුඩා තේවතු අංශය නවීකරණය කිරීම, කුඩා තේවතු හිමියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ තේ කර්මාන්තයේ තිරසර සංවර්ධනය වේගවත් කිරීම අපේක්ෂා කෙරේ.

වැඩසටහන යටතේ දළු අස්වැන්න සහ ඵලදායිතාව ඉහළ නැංවීම, තේ වගාකරුවන්ගේ ආදායම වැඩි කිරීම, අගය එකතු කළ තේ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සහ තේ කර්මාන්තය සංචාරක කර්මාන්තය සමඟ ඒකාබද්ධ කිරීම සඳහාද අවධානය යොමු කර ඇත.

එමෙන්ම නවීන හා තිරසර වගා තාක්ෂණ හඳුන්වාදීම, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ නිෂ්පාදන සමූපකාර ශක්තිමත් කිරීමද මෙම වැඩසටහනේ ප්‍රධාන අංග අතර වේ.

රාජ්‍ය සේවයේ රැකියා සිහිනය සැබෑ වෙයි - කළමනාකරණ සහකාරවරුන් 228කට පත්වීම්

රාජ්‍ය සේවයේ රැකියා සිහිනය සැබෑ වෙයි - කළමනාකරණ සහකාරවරුන් 228කට පත්වීම්