ලංකාවේ වෛද්‍ය ඉතිහාසය උඩුයටිකුරු කළ පෙරළිය! පළමු AI රොබෝ සැත්කම් දෙක සාර්ථකයි

Report

ශ්‍රී ලංකාව සිය පළමු කෘතිම බුද්ධිය (AI) සහාය ඇති රොබෝ ශල්‍යකර්ම දෙක සාර්ථකව සිදු කරමින් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කර තිබේ.

මෙම ශල්‍යකර්ම දෙක කොළඹ ආසිරි ශල්‍ය රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය කණ්ඩායමක් විසින් නවීන රොබෝ තාක්ෂණය යොදාගෙන සිදු කර ඇත.

එහිදී වයස අවුරුදු 50ක කාන්තාවකගේ ගර්භාෂය ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් සහ සංකීර්ණ වකුගඩු ශල්‍යකර්මයක් සාර්ථකව නිම කර තිබේ.

වෛද්‍ය විශේෂඥයන් පැහැදිලි කළේ මෙම රොබෝ පද්ධතිය ස්වයංක්‍රීයව ශල්‍යකර්ම සිදු නොකරන අතර, එය සම්පූර්ණයෙන්ම ශල්‍ය වෛද්‍යවරයාගේ පාලනය යටතේ ක්‍රියාත්මක වන බවයි.

විශේෂිත පාලන කොන්සෝලයක් හරහා වෛද්‍යවරයාගේ අත් චලනයන් ඉහළ නිරවද්‍යතාවයකින් අනුකරණය කරන රොබෝ අත් මඟින් සැත්කම් සිදු කෙරේ.

"එළිවෙන්න කලින් මරනවා" - ජාතික ජන බලවේගයේ මිල්ලනිය සභාපතිට මධ්‍යම රාත්‍රියේ ආ මරණ තර්ජනය

"එළිවෙන්න කලින් මරනවා" - ජාතික ජන බලවේගයේ මිල්ලනිය සභාපතිට මධ්‍යම රාත්‍රියේ ආ මරණ තර්ජනය

කෘතිම බුද්ධිය සහ උසස් ක්‍රමලේඛන තාක්ෂණය ඒකාබද්ධ කර ඇති මෙම පද්ධතිය මඟින් ඉතා නිරවද්‍ය චලනයන් සිදු කළ හැකි අතර, සංකීර්ණ ශල්‍යකර්මවල නිරවද්‍යතාව සහ ආරක්ෂාව තවදුරටත් ඉහළ නංවන බව විශේෂඥයන් පෙන්වා දෙයි.

ආසිරි ශල්‍ය රෝහලේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී වෛද්‍ය සමන්ති ද සිල්වා සඳහන් කළේ, රොබෝ සහාය ඇති ශල්‍යකර්ම මඟින් රුධිර වහනය අවම වීම, කුඩා කැපුම් පමණක් අවශ්‍ය වීම, ආසාදන අවදානම අඩුවීම, රෝගීන්ට වේගවත් සුවය ලැබීම සහ ශල්‍ය දෝෂ ඇතිවීමේ සම්භාවිතාව අවම කිරීම වැනි වැදගත් ප්‍රතිලාභ රැසක් හිමිවන බවයි.

මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ නවීන ශල්‍ය තාක්ෂණය සහ සෞඛ්‍ය සේවා ප්‍රමිතීන් ජාත්‍යන්තර මට්ටමට සමීප කරවන වැදගත් ඉදිරි පියවරක් ලෙස සැලකේ.