බහරේනයට ගිනි තියමින් ඉරානයේ දැවැන්ත පළිගැනීම අරඹයි - ඇමරිකානු පස්වන නාවික බලඇණි මූලස්ථානය විනාශ කරයි
ඉරානයට එරෙහිව සිදු කළ අඛණ්ඩ සතුරු ආක්‍රමණවලට ප්‍රතිචාර වශයෙන්, තවත් මෙහෙයුම් රැල්ලකදී එක්සත් ජනපද හමුදා පහසුකම් සහ වත්කම් විනාශ කරන බව ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකාය (IRGC) නිවේදනය කර ඇති බව සඳහන්.
ඒ අනුව එහි මහජන සම්බන්ධතා අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, නස්ර්-2 මෙහෙයුමේ (ට්‍රයම්ෆ්-2) දෙවන රැල්ලේදී බහරේනයේ ආයුධ ගබඩා කිහිපයක්, චන්ද්‍රිකා සන්නිවේදන මධ්‍යස්ථානයක් සහ ඇමරිකානු හමුදා වාසස්ථාන ඉලක්ක කරගත් බවයි.
එසේම ඊයේ රාත්‍රියේ හෝමූස් සමුද්‍ර සන්ධියේ පරාජයෙන් අනතුරුව, ළමුන් මරා දැමූ ඇමරිකානු හමුදා දකුණු ඉරාන වෙරළබඩ ස්ථානවලට බෝම්බ හෙලීමෙන් පසු, ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකාය, නාවික හමුදාවේ රණශූරයන් බහරේනයේ ජුෆෙයාර් නාවික කඳවුරට මිසයිල සහ ඩ්‍රෝන යානා යොදාගෙන පහර දුන් බව එහි සඳහන්.
මේ අතර තවත් ප්‍රකාශයකින්, ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකාය වාර්තා කළේ, කුඩා පර්සියානු ගල්ෆ් අරාබි රාජාණ්ඩුවක් වන බහරේනයේ පිහිටා ඇති එක්සත් ජනපද හමුදාවේ පස්වන බලඇණියේ පේට්‍රියට් රේඩාර් එකක්, ගුවන් පාලන රේඩාර් එකක් සහ C-RAM පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් විනාශ වූ බවයි.
මෙම ඉරාන මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාරවලින් ඇමරිකානු බලඇණියේ ඉන්ධන ටැංකි ද ගිනි තබා ඇති අතර, මිනිසුන් රහිත මඟ පෙන්වන බෝට්ටු සඳහා සතුරාගේ පාලන සහ නිරීක්ෂණ මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ කිරීම ඇතුළු අනෙකුත් හානි සිදු වූ බව වාර්තා වේ.
මේ අතර හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට ඉරානය විසින් නියම කර ඇති සමුද්‍රීය නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් තම නාවික හමුදාව සුපිරි ටැංකි දෙකක් ප්‍රහාර එල්ල කළ බව ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකාය නිවේදනය කර ඇත.
FIFA හොල්ලමින් වසර 16 ට පසු ලබපු විශිෂ්ට ජයග්‍රහණයට රසිකයොත් හොල්මන් වෙයි - ප්‍රීති ඝෝෂා මැද ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
තවද අඳාළ ප්‍රකාශයේ උපායමාර්ගික ජල මාර්ගයේ ඉරාන ජාතියේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සන්නද්ධ හමුදා කැපවී සිටින බව නැවත තහවුරු කරමින්, එක්සත් ජනපද හමුදාව නීතිවිරෝධී මාර්ගයක් හරහා යාත්‍රා ගණනාවක් ගමන් කිරීමට උත්සාහ කිරීමෙන් පසුව ටැංකි නැව්වලට පහර දුන් බව සඳහන් විය.
එමෙන්ම හෝමූස් සමුද්‍ර සන්ධියේ සමුද්‍ර ආරක්ෂක පාලන මධ්‍යස්ථානයෙන් යළි යළිත් කළ අනතුරු ඇඟවීම් නොසලකා හැර, ඇමරිකාව විසින් රවටා තම නාවික පද්ධති අක්‍රිය කිරීමට පෙළඹවූ නීති විරෝධී සුපිරි ටැංකි නැව් දෙකක් ගැටී අක්‍රිය වූ බව ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකාය පැහැදිලි කළා.
ඒ අනුව කලාපයේ ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට කිලෝමීටර් දහස් ගණනක් ඈතින් පැමිණි ආක්‍රමණිකයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ ඇඟවුම් පිළිබඳව ද ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකාය නාවික හමුදාවට අනතුරු ඇඟවීය.