ජූලි අස්වැසුම දීමනාව අද ගිණුම්වලට
By Malith Madushan
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ 2026 ජූලි මාසයට අදාළ දීමනා අද (15) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.
මණ්ඩලය සඳහන් කළේ, පළමු අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 1,012,812කට රුපියල් 9,357,346,250ක් (රුපියල් බිලියන 9.36කට ආසන්න) මුදලක් අද බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බවයි.
එමෙන්ම දෙවැනි අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 211,647කට රුපියල් 2,468,250,000ක් (රුපියල් බිලියන 2.47කට ආසන්න) මුදලක්ද අද අදාළ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කෙරේ.
ඒ අනුව, අද දිනයේ අදියර දෙක යටතේ සමස්ත ප්‍රතිලාභී පවුල් 1,224,459කට රුපියල් 11,825,596,250ක් (රුපියල් බිලියන 11.83කට ආසන්න) අස්වැසුම ප්‍රතිලාභ මුදලක් ගෙවීමට නියමිතය.