ඉරානයේ ලොව විශාලතම ගෑස් නිධිවලට දරුණු ප්‍රහාර මාලාවක්

Report

මැදපෙරදිග යුද්ධය තීව්‍ර වෙමින් පවතින අතර, ඊශ්‍රායලය විසින් ඉරානයේ ලෝකයේ විශාලතම ස්වභාවික ගෑස් නිධිය වන සවුත් පර්ස් (South Pars) ප්‍රදේශයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ප්‍රහාරයෙන් ගෑස් නිධිය ආසන්න ප්‍රදේශයේ විශාල ගින්නක් හටගෙන ඇති අතර, එය මැඩපැවැත්වීමට බලධාරීන් කටයුතු කරමින් සිටිති. ඉරාන ජනාධිපති මෂුඩ් පෙසෙෂ්කියන් මහතා මෙම ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කළේ, එයට අමෙරිකාව ප්‍රමුඛ මැදපෙරදිග රටවලට ප්‍රතිවිපාක ලැබෙනු ඇති බවයි.

ඒ අනුව ඉරානය විසින් කටාර් රාජ්‍යයේ රාස් ලෆාන් කාර්මික නගරයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, එමඟින් එරට ස්වභාවික ගෑස් නිෂ්පාදන ස්ථානයකට හානි සිදුව ඇති බව වාර්තා වේ.

සෑම ලේ බිඳුවකටම මිලක් තියෙනවා.. ආරක්ෂක ප්‍රධානියා ඝාතනය කළාට වන්දිය ගන්නා බවට ඉරානයෙන් අනතුරු අඟවයි

සෑම ලේ බිඳුවකටම මිලක් තියෙනවා.. ආරක්ෂක ප්‍රධානියා ඝාතනය කළාට වන්දිය ගන්නා බවට ඉරානයෙන් අනතුරු අඟවයි

කටාර් ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, ඊයේ දිනයේදී ඉරානයෙන් මිසයිල 05ක් එල්ල කර ඇති බවත්, ඉන් 04ක් ව්‍යර්ත කිරීමට සමත් වූ නමුත් එකක් රාස් ලෆාන් නගරයට පතිත වී ගින්නක් ඇති කළ බවත්ය. මෙම ප්‍රහාරය කටාර් ජාතික ආරක්ෂාවට සහ කලාපීය ස්ථාවරත්වයට සෘජු තර්ජනයක් බව ප්‍රකාශ කර ඇති අතර, ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලුම පියවර ගන්නා බව ද ඔවුන් සඳහන් කළහ.

ඒ අනුව කටාර්හි සිටින ඉරාන හමුදා, ආරක්ෂක අංශ සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලයට වහාම රටින් පිටවන ලෙස එරට විදේශ අමාත්‍යාංශය දැනුම් දී ඇති අතර, පැය 24ක් ඇතුළත එම සියලුම නිලධාරීන්ට පිටවීමට නියෝග කර තිබේ.

මේ අතර සෞදි අරාබියාවේ රියාද් නගරයට එල්ල වූ බැලැස්ටික් මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලැබූ බවත්, එය ව්‍යර්ත කිරීමේදී එහි කැබලි වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවත් සෞදි බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ගුවන් හමුදා කඳවුරකට ද ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, එය සාර්ථකව මැඩපැවැත්වූ බව වාර්තා වේ. අබුඩාබි නගරයට ද ප්‍රහාර එල්ල වී ඇති බව සඳහන් වේ.

අනෙක් රටවලට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ඉතා අඩුයි - ජනතාවට දරාගත හැකි මට්ටමකට සීමා කළා - ඛනිජ තෙල් සංස්ථා සභාපති

අනෙක් රටවලට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ඉතා අඩුයි - ජනතාවට දරාගත හැකි මට්ටමකට සීමා කළා - ඛනිජ තෙල් සංස්ථා සභාපති

ඉරානයේ ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායලය ද සිය ප්‍රහාර තවදුරටත් තීව්‍ර කර ඇති අතර, පළමු වරට උතුරු ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ බව එරට රජය ප්‍රකාශ කර තිබේ.

ඉරානයෙන් එල්ල කළ ප්‍රහාරවලින් ටෙල් අවිව් ගුවන්තොටුපොළේ ගුවන් යානා 03කට හානි සිදුව ඇති බව ද වාර්තා වේ.

ප්‍රංශ ජනාධිපති එමානුවල් මැක්‍රෝන් මෙම ප්‍රහාරවලින් සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කිරීම තහනම් කළ යුතු බව ප්‍රකාශ කර ඇති අතර, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කටාර් එමීර්වරයා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ද ඔහු සඳහන් කර තිබේ.

EPF අංශයේ සේවා ගැන අලුත්ම නිවේදනයක්

EPF අංශයේ සේවා ගැන අලුත්ම නිවේදනයක්