ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හෙලිකොප්ටර් යානා 10ක් - ජනපති නිල වශයෙන් භාර ගැනේ [PHOTOS]

Report

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් ධාරිතාව තවදුරටත් ඉහළ නැංවීම සඳහා අමෙරිකා එක්සත් ජනපද රජය විසින් පූර්ණ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලබාදෙන ලද ටීඑච් 57 සී රේන්ජර් වර්ගයේ අතිනවීන බහුකාර්ය හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් ශ්‍රී ලංකාවට භාර ගැනීමේ සුවිශේෂී රාජ්‍ය උත්සවය සන්නද්ධ බලකායන්හි සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ 23 වැනිදා පස්වරුවේ රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

ඊයේ පස්වරුවේ රත්මලාන ගුවන් හමුදා මූලස්ථාන කඳවුර වෙත පැමිණි ජනාධිපතිවරයාව ශ්‍රී ලංකා ගුවන් හමුදා නිල උත්තමාචාර සහිතව ඉතාමත් අභිමානවත් අයුරින් පිළිගැනීමට කටයුතු කෙරුණා. 

අනතුරුව අමෙරිකාවෙන් ලැබුණු නවීන හෙලිකොප්ටර් යානා පද්ධතිය නිරීක්ෂණය කිරීම සඳහා ද ජනාධිපතිවරයා සෘජුවම එක් විය.

මෙම සුවිශේෂී රාජ්‍ය තාන්ත්‍රික අවස්ථාව සනිටුහන් කරමින් දෙරට අතර නව ද්විපාර්ශ්වික ආරක්ෂක ගිවිසුමකට නිල වශයෙන් අත්සන් තැබීම ද සිදු කෙරුණු අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා සහ අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදා ආඥාපති ජෙනරාල් කෙවින් ෂ්නයිඩර් යන මහත්වරුන් විසින් ඊට නිල වශයෙන් අත්සන් තබන ලදී.

අද රන් මිලේ නවතම තත්ත්වය - රත්තරන් ගන්න හිතපු මිල ගණන් ඔක්කොම වෙනස් වෙයි

අද රන් මිලේ නවතම තත්ත්වය - රත්තරන් ගන්න හිතපු මිල ගණන් ඔක්කොම වෙනස් වෙයි

මෙම ටීඑච් 57 සී රේන්ජර් යානා සතු ඉහළ බහුකාර්ය තාක්ෂණික හැකියාවන් හේතුවෙන් ඉදිරියේදී ඒවා ජාතික ආරක්ෂාව, සෙවීම් හා මුදවාගැනීම් ඇතුළු ප්‍රධාන උපායමාර්ගික ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ විශේෂ ගුවන් මෙහෙයුම් සඳහා සක්‍රීයව යොදවා ගැනීමට ශ්‍රී ලංකා ආරක්ෂක අංශ අපේක්ෂා කරයි.

එමෙන්ම මෙම අතිනවීන යානා මගින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නවක ගුවන් නියමු පුහුණු කිරීමේ සමස්ත ධාරිතාව මෙන්ම මෙරට මුහුදු සීමාවේ සිදුවන ගුවන් මෙහෙයුම් කටයුතු ද පුළුල් වනු ඇති බවයි රජයේ දැඩි අපේක්ෂාව වී තිබෙන්නේ.

සියලුම් පොලිස් නිලධාරින්ට අසුබ ආරංචියක් - ලබා දුන් මේ වරප්‍රසාදය වහාම අත්හිටුවයි

සියලුම් පොලිස් නිලධාරින්ට අසුබ ආරංචියක් - ලබා දුන් මේ වරප්‍රසාදය වහාම අත්හිටුවයි

GalleryGalleryGalleryGallery