අද ඩොලරයේ අගය වෙනස් වෙයි– ප්රධාන බැංකුවල අද ඩොලරය විකුණන සහ ගන්නා මිල ගණන් මෙන්න
බදාදා දිනයට සාපේක්ෂව අද (19) ශ්රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියලේ අගය සුළු වශයෙන් පහළ ගොස් තිබේ.
ඒ අනුව, ප්රධාන වාණිජ බැංකුවල ඩොලරයේ විකුණුම් මිල රුපියල් 336ත් 338ත් අතර පරාසයක සටහන් වේ.
සෙලාන් බැංකුවේ අද දිනයේ ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 328.50ක් ලෙසත්, විකුණුම් අනුපාතිකය රුපියල් 337.75ක් ලෙසත් නොවෙනස්ව පවතී.
NDB බැංකුවේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 328.20 සිට රුපියල් 328.25 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රුපියල් 337.20 සිට රුපියල් 337.25 දක්වා ඉහළ ගොස් තිබේ.
මහජන බැංකුවේ (People’s Bank) ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 328.65 සිට රුපියල් 328.70 දක්වා ඉහළ ගොස් ඇත. එහි විකුණුම් අනුපාතිකය ද රුපියල් 336.80 සිට රුපියල් 336.85 දක්වා ඉහළ ගොස් තිබේ.
කොමර්ෂල් බැංකුවේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 326.77 සිට රුපියල් 326.82 දක්වාත්, විකුණුම් මිල රුපියල් 336.70 සිට රුපියල් 336.75 දක්වාත් ඉහළ ගොස් ඇත.
මේ අතර, සම්පත් බැංකුවේ ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 328.75ක් ලෙසත්, විකුණුම් අනුපාතිකය රුපියල් 336.75ක් ලෙසත් පෙර දිනයට සාපේක්ෂව කිසිදු වෙනසකින් තොරව පවතී.