මෙවර උතුම් ශ්‍රී පාද වන්දනාවාරය අවසන් වීමට පෙර ගැසට් එකක්.. ශ්‍රී පාදස්ථානාධිපතිගෙන් විශේෂ දැනුම්දීමක්

Report

ශ්‍රී පාදස්ථානාධිපති, පූජ්‍ය බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියෝ විසින් ශ්‍රී පාද මාවත කිසිවෙකුටත් අයිති නොවන බවත්, එම මාවත සප්‍රමාණිකව මහජනතාව සතු එකක් බවත් සඳහන් කරයි.

ඒ අනුව උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ 2026-2027 ශ්‍රී පාද වන්දනාවාරය ආරම්භ කිරීම පිළිබඳව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිලධාරීන් දැනුවත් කිරීමට ඊයේ (18) දින පස්වරුවේ නල්ලතන්නිය ග්‍රාමසේවක කාර්යාලයේ පැවැති විශේෂ රැස්වීමේදීයි.

එම සාකච්ඡාව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැතුණා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නා හිමියෝ, නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය අසල සිට රත්නපුර පලාබද්දර ශ්‍රී පාද තොරණ දක්වා වන මාර්ගය වනජීවී දෙපාර්තමේන්තුවට අයත් නොවන බව පෙන්වා දී සිටියා.

යාපනයේ බරපතළ තත්ත්වයක් - මේ අයට වහාම මුඛ ආවරණ පැළඳීමට සහ එළිමහනේ සිටීමෙන් වළකින මෙන් දන්වයි

යාපනයේ බරපතළ තත්ත්වයක් - මේ අයට වහාම මුඛ ආවරණ පැළඳීමට සහ එළිමහනේ සිටීමෙන් වළකින මෙන් දන්වයි

එසේම අවාරයේ පැමිණෙන ඇතැම් දේශීය සංචාරකයන් ශ්‍රී පාද මාවතේ පරිසරයට සහ පොදු දේපළවලට හානි කරන බවත්, වනජීවී දෙපාර්තමේන්තුව මුදල් අයකර ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් ඒ පිළිබඳ නීතිමය පියවර ගැනීමට බාධා මතුව ඇති බවත් උන්වහන්සේ ප්‍රකාශ කළා.

එබැවින් උන්වන්සේ කියා සිටියේ ශ්‍රී පාදස්ථානය පූජනීය ස්ථානයක් වශයෙන් නම්කර, මාවත දෙපසට අඩි 20 බැගින් වන සේ ගැසට් කරන ලෙස අවස්ථා කිහිපයකදීම රජයන්ගෙන් ඉල්ලා සිටියද එය මෙතෙක් ඉටු වී නොමැති බව‍යි.

එබැවින් මෙවර වන්දනාවාරය අවසන් වීමට පෙර ශ්‍රී පාදස්ථානය පූජනීය ස්ථානයක් වශයෙන් සහ මෙම මාර්ගය 'ශ්‍රී පාදස්ථාන මාවත' වශයෙන් නම් කිරීමට මැදිහත් වන ලෙස රැස්වීමට සහභාගි වූ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතාගෙන් උන්වහන්සේ ඉල්ලීමක් ක‍ර සිටියා.

නැවත නිල දැනුම්දීමක් දෙන තුරු මෙහි ඇතුළුවීම තහනම් බවට නිවේදනයක් - මේ නීති හා රෙගුලාසිවලට එරෙහි අයට නීතිමය ක්‍රියාමාර්ග

නැවත නිල දැනුම්දීමක් දෙන තුරු මෙහි ඇතුළුවීම තහනම් බවට නිවේදනයක් - මේ නීති හා රෙගුලාසිවලට එරෙහි අයට නීතිමය ක්‍රියාමාර්ග

එමෙන්ම දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හැටන් මාර්ගයේ මහගිරිදඹ ප්‍රදේශයේ සිදු වූ විශාල නායයෑම මෙන්ම ඉකුත් දිනවල ඇදහැලුණු වර්ෂාවෙන් ඉදිකටු පහණ ප්‍රදේශයේ සිදු වූ නායයෑම යථා තත්ත්වයට පත්කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සෘජුව මැදිහත් වී ආරක්ෂක අංශ යොදවා කටයුතු කළ බව ද එහිදී නා හිමියෝ සිහිපත් කර සිටියා.

එමෙන්ම වන්දනාකරුවන්ට සහ උඩමළුවට නොමිලේ පානීය ජලය ලබාදීමට ජනාධිපතිවරයා මැදිහත් වීම ද උන්වහන්සේගේ ඇගයීමට ලක්ව ඇත.

එසේම නල්ලතන්නිය මාර්ගයේ පවතින බඹර කූඩු වන්දනාවාරය ආරම්භයට පෙර ඉවත් කිරීම සහ නායයෑම් හේතුවෙන් පහළට පැමිණි ගල් සහ පස් ඉවත් කර සීතගඟුල වන්දනාකරුවන්ට ස්නානය කිරීමට සුදුසු ලෙස සකස් කිරීම මෙම රැස්වීමේදි තීරණය කර ඇති බව ද සඳහන්.

කෙසේ වෙතත් මෙවර ශ්‍රී පාද වන්දනාවාරය දෙසැම්බර් මස 23 වන උදුවප් පෝදා ආරම්භ වන අතර දෙසැම්බර් 21 පස්වරුවේ ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමා, දේව ආභරණ සහ පූජා භාණ්ඩ එළියට වැඩම කරවීම සිදුවන බව සඳහන්.

අද ලංකාවේ සියලුම පාසල් සඳහා - විශේෂ වැඩසටහනක් ගුරුභවතුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෙනුවෙන්

අද ලංකාවේ සියලුම පාසල් සඳහා - විශේෂ වැඩසටහනක් ගුරුභවතුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෙනුවෙන්

ඉන්පසු දෙසැම්බර් 22 දින පැල්මඩුල්ල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ සිට පලාබද්දර, එරත්න, රත්නපුර, අවිස්සාවේල්ල සහ හැටන් යන මාර්ග 04 ඔස්සේ පෙරහැර 04කින් ශ්‍රී පාද උඩමළුව වෙත වැඩම කරවීම සිදු වේ.

අනතුරුව දෙසැම්බර් 23 අලුයම උඩමළුවේදී පුරාණ චාරිත්‍ර ඉටුකිරීමෙන් පසු වන්දනාවාරය නිල ලෙස ආරම්භ කිරීම සිදුවන බවද පවසයි.

එබැවින් පරිසරය ආරක්ෂා කරගනිමින්, ශ්‍රී පාදස්ථානය පූජනීය ස්ථානයක් වශයෙන් සලකා වන්දනාවේ පැමිණෙන ලෙස ශ්‍රී පාදස්ථානාධිපති නා හිමියෝ සමස්ත වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටින බව දන්වයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට මේ අයගේ වාහන ආදායම් බලපත්‍ර ලබාදීම දින 5කට අත්හිටුවයි - විශේෂ නිවේදනයක්

අද මධ්‍යම රාත්‍රියේ සිට මේ අයගේ වාහන ආදායම් බලපත්‍ර ලබාදීම දින 5කට අත්හිටුවයි - විශේෂ නිවේදනයක්