අද ඩොලර් අනුපාතවල සුළු වෙනසක් - ප්‍රධාන බැංකුවල අලුත්ම විකුණුම් මිල මෙන්න

Report

සඳුදා දිනයට සාපේක්ෂව අද (03) දිනයේදී මෙරට වාණිජ බැංකු කිහිපයක ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සුළු වෙනස්කම් සහිතව ස්ථාවර මට්ටමක පවතින බව වාර්තා වේ.

ඒ අනුව, බැංකු කිහිපයක ඩොලරයේ විකුණුම් අනුපාතය රුපියල් 336ත් 337ත් අතර පරාසයක සටහන් වී තිබේ.

සෙලාන් බැංකුවේ (Seylan Bank) ඇමෙරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 328.25ක් ලෙසත්, විකුණුම් අනුපාතය රුපියල් 337.50ක් ලෙසත් නොවෙනස්ව පවතී.

NDB බැංකුවේ ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 328.00 සිට රුපියල් 328.10 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතය රුපියල් 337.00 සිට රුපියල් 337.10 දක්වා ඉහළ ගොස් තිබේ.

මහජන බැංකුවේ (People’s Bank) ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 328.50ක් සහ විකුණුම් අනුපාතය රුපියල් 336.65ක් ලෙස නොවෙනස්ව පවතී.

කොමර්ෂල් බැංකුවේ (Commercial Bank) ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 326.58ක් ලෙසත්, විකුණුම් අනුපාතය රුපියල් 336.50ක් ලෙසත් සටහන් වී ඇත. මේ අතර, සම්පත් බැංකුවේ (Sampath Bank) ඇමෙරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 328.50ක් වන අතර, විකුණුම් අනුපාතය රුපියල් 336.50ක් ලෙස නොවෙනස්ව පවතී.

විශ්‍රාම යන හමුදා සාමාජිකයින්ට සුපිරි රැකියා අවස්ථා - ආරක්ෂක අමාත්‍යාංශයෙන් අලුත්ම වැඩපිළිවෙළක්

විශ්‍රාම යන හමුදා සාමාජිකයින්ට සුපිරි රැකියා අවස්ථා - ආරක්ෂක අමාත්‍යාංශයෙන් අලුත්ම වැඩපිළිවෙළක්