උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය අවිනිශ්චිතයි.
By Wayomi
අද (28) පස්වරුවේ බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබෙනවා.
බදුල්ල දුම්රිය ස්ථානයෙන් අද පෙරවරු 10.15 ට කොළඹ බලා පිටත් වූ අංක 1008 දරණ සීඝ්‍රගාමී දුම්රියේ පළමුවන පංතියේ මැදිරිය පස්වරු 4.00 පමණ හැටන් සහ රොසැල්ල දුම්රිය ස්ථාන අතර මෙලෙස පීලී පැනීමකට ලක්වුණා.
එම නිසා ප්‍රධාන මාර්ගයේ කොළඹ සහ බදුල්ල අතර දුම්රිය ධාවනය අවිනිශ්චිත විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තව සඳහන් කරනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |