හිස් වුණ පොලිස්පති තනතුර - නව පොලිස්පතිවරයෙක් පත්වන තුරු ගත් විශේෂ තීරණය..

Report

හිස් වුණ පොලිස්පති තනතුර - නව පොලිස්පතිවරයෙක් පත්වන තුරු ගත් විශේෂ තීරණය.. | Until An Igp Is Appointed The Senior Digs Will Act

නව පොලිස්පතිවරයෙක් පත් කරන තුරු පළාත් 09 සඳහා තීරණයක් ගෙන තිබෙනවා.

ඒ එම පළාත් සඳහා පත් කර ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් විසින් සාමාන්‍ය පරිදි මහජන ආරක්ෂක කටයුතු සිදු කිරිමටයි.

හිස් වුණ පොලිස්පති තනතුර - නව පොලිස්පතිවරයෙක් පත්වන තුරු ගත් විශේෂ තීරණය.. | Until An Igp Is Appointed The Senior Digs Will Act

ඒ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ය.

මේ අතර පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සිය ධුරයෙන් පසුගිය සිකුරාදා විශ්‍රාම ගැණින.

ඒ බව ඒ මහතා සියලු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.

පසුගිය මාර්තු මස 25 වනදා ඒ මහතා සිය පොලිස්පති ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව තිබුණේ ය.

හිස් වුණ පොලිස්පති තනතුර - නව පොලිස්පතිවරයෙක් පත්වන තුරු ගත් විශේෂ තීරණය.. | Until An Igp Is Appointed The Senior Digs Will Act

නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අවස්ථා හතරකදී ඔහුට සේවා දිගු ලබා දුන් අතර නව පොලිස්පතිවරයා කවුරුන් යන්න පිළිබඳ ඉදිරි සතියේ ප්‍රකාශයට පත් කරනු ඇති බව රජයේ ආරංචි මාර්ග වාර්තා කළේ ය.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අද (27) දින තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙනු ඇත.

පොලිස්පති එකවරම ගත් තීරණය?..

පොලිස්පති එකවරම ගත් තීරණය?..