පොලිස්පති එකවරම ගත් තීරණය?..

Nihal Talduwa Police spokesman Sri Lanka Police Sri Lanka
By krishani Nov 25, 2023 03:01 PM GMT
krishani

krishani

Report

අද (25) සිට සිය ධුරයෙන් විශ්‍රාම ගන්නා බවට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට දැනුම්දී ඇති බවට පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ ය. 

ඒ සිව්වන වරටත් ඔහුට ලබාදුන් සේවා දිගුව අවසන්වීම සැලකිල්ලට ගනිමින් ය.

මේ අතර පසුගිය මාර්තු මස 25 වනදා .ඩී. වික්‍රමරත්න මහතාට සිය පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබුණේ ය.

නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුට මාස 3ක සේවා දිගුවක් ලබා දුන්නේ ය.

එම කාලය අවසන් වූ පසු ජූලි මස 9 වනදා සිට ක්‍රියාත්මක වන පරිදී තවත් මාස 3ක සේවා දිගුවක් ඒ මහතාට ලැබූණේ ය.

පසුගිය ඔක්තෝබර් 13 වෙනිදා තෙවන වරට තවත් සති 3ක සේවා දිගුවක් සී.ඩී. වික්‍රමරත්න මහතාට ලැබිණ.

සිව්වන වරට ලබාදුන් සේවා දිගුව, නොවැම්බර් මස 3 වනදා සිට ඊයේ (24) දිනය දක්වා ක්‍රියාත්මක විය.

මේ අතර, ඔහුගේ සේවා දිගු අනුමත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබු පසුබිමක පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට මෙලෙස සේවා දිගු හිමි වූයේ.

ඊයේ දිනයෙන් එම සිව්වන සේවා දිගුව අවසන් වීමත් සමඟ පොලිස්පති ධුරය නැවත යළි පුරප්පාඩු විය.

කෙසේ වෙතත්, පොලිස් ආරංචි මාර්ග වාර්තා කළේ එවැනි පසුබිමක සිය ධුරයෙන් අද දින සිට විශ්‍රාම ගන්නා බවට පොලිස්පතිවරයා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට දැනුම්දී ඇති බවයි.

මේ අනුව වැඩිදුරටත් එම ආරංචි මාර්ග සඳහන් කළේ පුරප්පාඩු වූ පොලිස්පති ධුරය සඳහා ඉදිරි දින කිහිපය තුළ දී නව පොලිස්පතිවරයෙක් පත් කිරීමට නියමිත බවයි.

කෙසේ වෙතත්, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ පොලිස්පතිතුමාගේ සේවා දිගුව මේ වනවිට අවසන් වී ඇති බවත් නව පත්කිරීමක් හෝ සේවා දිගුවක් ගැන මෙතෙක් දැනුම්දීමක් ලැබී නොමැති බවත් ය.

ReeCha