එක්සත් ජාතික පක්ෂය වෙනස් වෙයි - සියලු පාක්ෂිකයන්ට දැනුම්දීමක්
2026 පෙබරවාරි 04 වෙනි දින සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂය තම සංවිධාන ශක්තිය තාක්ෂණ සමඟ එක්කර, නව ඩිජිටල් යුගයට පිවිසෙන විශේෂ ඩිජිටල් දියත් කිරීමක්පැවැත්වීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් කාර්යාලය නිවේදනය කරන පරිදි මෙම අවස්ථාවේදී, ශ්‍රී ලංකාව පුරා සියලු මැතිවරණ කොට්ඨාශ ආවරණය වන පරිදි ඩිජිටල් පාලක සම්බන්ධීකාරකවරුන් (Digital Ward Coordinators) පත් කිරීම නිල වශයෙන් ආරම්භ කරයි.
මෙම පත්කිරීමේදී මූලිකව පාලක සම්බන්ධීකරණ නිලධාරීන් 1,000 දෙනෙකු පත්කරනු ලබන අතර, එමඟින් පක්ෂ සංවිධාන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, වේගවත් හා ජනතාවට සමීප කිරීම අපේක්ෂා කෙරේ.
එමෙන්ම, එක්සත් ජාතික පක්ෂයේ නව UNP ජංගම යෙදුම (UNP App) ඉදිරියේදී නිල වශයෙන් හඳුන්වා දෙනු ඇත.
මෙම යෙදුම මඟින් පක්ෂ සාමාජිකයන්, සංවිධායකයන් සහ ජනතාව අතර තොරතුරු හුවමාරු කිරීම, දැනුවත් කිරීම සහ සම්බන්ධතා වර්ධනය සඳහා නව ඩිජිටල් වේදිකාවක් සපයනු ඇත. තවද, මෙම ඩිජිටල් දියත් කිරීමේ වැදගත් අංගයක් ලෙස, සිරිකොත පක්ෂ මූලස්ථානයේ Starlink අධිවේගී අන්තර්ජාල පහසුකම නිල වශයෙන් ආරම්භ කෙරේ.