වෙරළ තීරයක නාඳුනන මළ සිරුරක්
Sri Lanka Police
Death
Sinhala news
By Dilasha
තොඩුවාව පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ පරීක්ෂා කිරීමකදී තොඩුවාව පොලිස් වසමේ කුඩාමඩුවැල්ල වෙරළ තීරයේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළසිරුරක් ඊයේ (28) සොයාගෙන ඇති බව තොඩුවාව පොලිසිය සඳහන් කරයි.
මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර මෘතශරීරය මාරවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
තොඩුවාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
