සරසවි වල නැවතුනු වැඩට යළි පණ

Report

විශ්ව විද්‍යාල වල නිම කර නොමැති ඉදිකිරීම් ව්‍යාපෘතීන්හි සියලු වැඩ නිම කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

විශ්ව විද්‍යාල වලට අවශ්‍ය කරන ගොඩනැගිලි ඉදිකිරීම් සහ අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා, රුහුණ, රජරට, සබරගමුව, වයඹ, ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාලවල සහ ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයෙහි ක්‍රියාත්මක කරනු ලැබ ඇති ව්‍යාපෘති කිහිපයක් එකී ව්‍යාපෘති අනුමතව පැවති කාල සීමාවන් තුළ මුහුණ දීමට සිදු වූ විවිධ බාධක හේතුවෙන් සම්පූර්ණයෙන්ම නිම කිරීමට නොහැකිව පවතී.

රුපියල් දාහේ කොළ එක්ක ගණුදෙනු කරන්නේ පරිස්සමින් - මෙන්න හේතුව

රුපියල් දාහේ කොළ එක්ක ගණුදෙනු කරන්නේ පරිස්සමින් - මෙන්න හේතුව

නව ශිෂ්‍යයන් වැඩි ප්‍රමාණයක් බඳවා ගැනීමටත්, අධ්‍යයන පහසුකම් වැඩි දියුණු කිරීමටත්, 75%කට වඩා වැඩ අවසන් කර ඇති එම ව්‍යාපෘතිවල ඉතිරි වැඩ සම්පූර්ණයෙන්ම අවසන් කළ යුතුව ඇත. ඒ අනුව, 2026, 2027 2027 2027 සහ 2028 යන වර්ෂ වලදී වෙන් කරනු ලබන අයවැය ප්‍රතිපාදන කළමනාකරණය කර ගනිමින් එකී ඉදිකිරීම් කටයුතු ප්‍රමුඛතා පදනම මත සම්පුර්ණයෙන් නිම කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මොනවා කරත් විදුලි සේවකයන්ට සෙතක් නැතිවෙයි,අසාධාරණ ඉල්ලීම් පිළිගන්නේ නැහැලු

මොනවා කරත් විදුලි සේවකයන්ට සෙතක් නැතිවෙයි,අසාධාරණ ඉල්ලීම් පිළිගන්නේ නැහැලු