දකුණු කොරියා ජනාධිපති ඉන්දියාවේ තෙදින සංචාරයක්

Report

දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුං (Lee Jae-myung) මහතා සහ එම මැතිණිය වන කිම් හෙයි ක්යුංග් (Kim Hye-kyung) මහත්මිය තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ සිටිති.

මෙය වසර අටකට පසු දකුණු කොරියානු රාජ්‍ය නායකයෙකු ඉන්දියාවේ සිදු කරන පළමු නිල සංචාරය ලෙස ඉතිහාසයට එක් වේ. 2025 ජූනි මාසයේදී දකුණු කොරියාවේ ජනාධිපති ධුරයට පත් වූ ලී ජේ මියුං මහතා ඉන්දියාවේ සංචාරයක නිරත වන ප්‍රථම අවස්ථාව මෙයයි.

නවදිල්ලියේ රාෂ්ට්‍රපති භවන් වෙත පැමිණි කොරියානු ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදී මුර්මු සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර එහිදී හමුදා උත්තමාචාර ද පවත්වනු ලැබීය.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති ලී ජේ මියුං අතර ද්විපාර්ශ්වික සාකච්ඡා නවදිල්ලියේ හයිද්‍රාබාද් හවුස් මන්දිරයේදී පැවැත්විණි. ඉන්දියාව සහ දකුණු කොරියාව අතර පවතින විශේෂ උපායමාර්ගික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණයි.

මෙම රාජ්‍ය තාන්ත්‍රික හමුව සනිටුහන් කරමින් රාජ්‍ය නායකයෝ දෙදෙනා එක්ව සමරු පැළයක් ද රෝපණය කළහ.

ට්‍රම්ප්ගේ "Truth Social" සටහන ලෝකයම කළඹයි - හෝමූස් අවහිරය දිගටම

ට්‍රම්ප්ගේ "Truth Social" සටහන ලෝකයම කළඹයි - හෝමූස් අවහිරය දිගටම

අප්‍රේල් 1 විදුලි බිලට අමතරව තවත් බිලක්? - සමස්ත ගාස්තු ඉහළ යාම 25% පනින ලකුණු

අප්‍රේල් 1 විදුලි බිලට අමතරව තවත් බිලක්? - සමස්ත ගාස්තු ඉහළ යාම 25% පනින ලකුණු